අපි ලෝකෙට පේන්න ආදරය කරමු...




සිහින ලෝක පාට පාටයි.
හරියට දේදුනු වගෙයි.
අහිංසක මේඝයක මතුවුනාම
ආඩම්බර වෙන මේඝ
ටික ටිකක් පිම්බෙනකොට
දේදුනු බොඳ වෙලා තියෙයි..

එන්න..
අපි අපේ පාටින් පාට කරමු.
ආදරය බැලුම් වගේ පුම්බමු
උඩ අරිමු..

පිපිරුනාම,
එන කඳුලු වල රහ බලමු.
ඒ කඳුලු අයිස් කර පාට ගාමු..
අයිස් විකුණමු
අයිස් පලම් කන්න හුඟක් උන් කැමතියි.
අපි අපිව විකුණන් කමු...


14 comments:

  1. කවි තෙරෙන්නෙ ඉල්ලෙයි....ඒ උනාට එල ද බ්‍රා....

    ReplyDelete
  2. එහම කොහමද ඇපෘවල් ඉලන්නෙ මෙවා අපෙ බ්ලොග්...මගෙ කෙමෙන්ට් එක පලකොරපියො...

    ReplyDelete
    Replies
    1. හම්මෝ .... බයත් උනා...

      Delete
  3. ",අපි අපිව විකුණන් කමු" අපෝ හරිම නරකයි ඒ වැඩේ නම්.

    ReplyDelete
    Replies
    1. හී හී අවුල් වගේද..

      Delete
  4. අපි අපිව විකුණං කමු.....

    හිතට දැනුණා අරූ......

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සඳවතිය...😊😊😊

      Delete
  5. කවි නෙල්ලි කියන ටැග් එකට නියමෙට සෙට් වෙනවා.. :)

    ReplyDelete
  6. ෆේස් බුක් ආදරෙත් ඔය වගේ නෙහ්

    ReplyDelete
    Replies
    1. ඒ ගැනත් හිතලා තමා සයුරි මේ කවිය ලිව්වේ 😊😊

      Delete
  7. අපිට හොරා අපි විකිණෙන අලුත් ලොවක් මේක .....

    ReplyDelete

තනිකමක් තියා නොතියාම  ඔබ ගියා වුව මතක එලියකි. රිද්දා නොරිද්දාම  හද කොනිති ගැසුවට එයද සුවයකි. පෙමක් අහිමිව යන්නේ කෙලෙසක ණයට දීමක්...