සුපෙම්වත,,,

සුපෙම්වත,
ප්‍රේමයට නිමිති නැත.
නුඹම නිමිත්තකි මට,
ප්‍රේමය පූදීන්නටම....

හේතුවක් නොමැතිව වුව
නුඹ මහද ගිලී යාමම
ප්‍රේමය යැයි විඳිමි.

නියතතාවක් නොමැති ලොව
ඔබව හිමිවීමක් නැත.
නුමුත් මොහොතකට හමු වීමද
විඳීමකි.
නැවත අහිමි වීම විඳවීමක් දැනම
මම විඳිමි.
අහිමි නුඹගේ මගේ ප්‍රේමය...

සියලු නිශ්ඵල කාරණා අබියස,
මේ ප්‍රේමයම ඇතිය.
වර නොගනන තරම් වුව
පෙම් කරන විඳවිල්ල,ප්‍රේමයෙනි
හදවතේ හරියටම මැද,
නිදන් ගතව ඇත..
විටෙක සක්‍රීය වන...
ඉතින් තවම මම ප්‍රේමයෙනි ....

Comments

  1. හ්ම්ම්ම්ම් ... ප්‍රේමයට නිමිති නැත

    ReplyDelete
  2. විඳීම යනු ප්‍රේමයමැයි..
    එලෙසම්..
    ප්‍රේමය නම්
    විඳවීමක්මැයි..
    එය දැන ප්‍රේම කිරීම..
    විඳීම උපරිමවද..
    විඳවීම අවමවද..
    විඳීමට මඟක්මැයි.. :))

    ReplyDelete
  3. ප්‍රේමය ......... ප්‍රේමයක් ම නම් .....

    ReplyDelete
    Replies
    1. එසේ නම් කඳුලු නැත....

      Delete

Post a Comment

Popular Posts