එන්න අපි තනි වෙන්න.




හිම වැටෙන දිගු රැයක උණුසුමක් මට                    දෙන්න.
ගිනි උඳුන ළඟ ඉඳන් උණු කෝපී හුඟ                   බොන්න.
තනිකමක් නොදැනෙන්න තුරුලු වී                හිනැහෙන්න.
ආදරේ ගැන කියා එන්න මා සිප                                ගන්න.

අඩ හඳක්වත් ඇතිය අපිට එලි                             විහිදන්න.
තරු මලින් හැඩ වෙච්ච රෑ අහස යට                        ඉන්න.
ලස්සනම දවස් තව ඉදිරියේ අත                                වනන.
යමු හනික අප දෙදෙනා දෑතැඟිලි බැඳ                      ගන්න.

කඳුලු පිරි දවස් අපි ගෙව්වෙ හරි                         එකමුතුව.
දුකක් නොලබා සොඳුර සිනහ වෙන්නේ            කොහොම.
පසුකරපු දවස් වුව සුභ පැතුවේ අපෙ                      පෙමට.
කවුරු වුව පුදුමෙකින් නොබලනු                    කෙලෙසින්ද.

සංසාර සාගරේ නෞකාව නුඹ                                 වෙන්න.
මට හුඟක් ඉඩ දෙන්න ඔබේ ළඟ තනි                   වෙන්න.
හිම කඳුත්, කුණාටුද , මහ වැසිද                           තිබුනේද.
දුරැර ඒ බාධා එන්න අපි තනි                                   වෙන්න.



7 comments:

  1. කාත් කවුරුවත්ම නැති නිම්නයක තනිවෙන්න
    සංසාර වන්දනාවට එන්න වාරුව වෙන්න
    ආයෙ කවදාවත්ම නොලිහෙන්න පැටලෙන්න
    පින්සාර පෙම් පහන් එන්න හද දල්වන්න

    මුවින් එක වදනකුත් එපා තව මුමුණන්න
    ඇස් වලින් විතරක්ම ආදරේ පවසන්න
    සුදු සේළ සළු උනා සඳ දියේ කිමිදෙන්න
    ඔය සුසුම් උණුසුමට ගුළි වෙන්න ඉඩ දෙන්න

    මගෙ හුස්ම ඔබ අරන් ඔය හුස්ම මට දෙන්න
    පෙම්බරම හාදුවක් නළල මත තෙරපන්න
    සොඳුරු සුබ දසුනක්ව හෙට හිරුට හිනැහෙන්න
    මගේ හෙට දවස ඔබ ඉතින් අරගෙන එන්න

    කඳුළු වැහි වැටෙද්දී හිනා අහුරක් වෙන්න
    ජීවිතය දැවෙද්දී පිනි වැස්ස වස්සන්න
    සැඩ ඉරෙන් පිච්චෙද්දි හිසට සෙවනක් වෙන්න
    සදා නොසිදෙන සෙනෙන් මගෙ දිවිය පුරවන්න

    මේක නම් ලිව්වේ මීට අවුරුදු හතකටම කලින්.මෙතනට ගැලපෙන නිසා ඔන්න ඇලෙව්වා. ඔයාගේ කවිය බොහොම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ලස්සන කවියක් අක්කේ.. මං අක්කගේ කවි වලට හුඟක් ආසයි. හොඳට එලි සමය සුරැක ලියන්නේ, හුඟක් ලස්සන වචන දාලා.

      තනි වෙන්න එන්න කියන්නේ ලස්සනම තැනකට. ඔබ ලස්සන වචන ලස්සන විදියට පාවිච්චි කරනවා.. " සංසාර වන්දනාව." ජීවිතය වන්දනාවක් කරමින් ඔබේ සහකරු, වාරුවක් නැති නම් ශක්තියක් බව කියලා. " ආයෙ කවදාවත්ම නොලිහෙන්න" මං ඒ පදයටත් හුඟක් කැමති... තරහ වෙවි හිටපු කාලය ඇති, දැන් ආයේ එහෙම නොයන්න කියලා අහිංසකව ඉල්ලනවා. " පින්සර පෙම් පහන්" , ආදරය හුඟක් භක්තිමත් කියන දේ පෙන්නවා. හරියට කිසිම කිලුටක් නැතිව, ආදරය මහ භාවනාවක් වගේ. මගේ කවි වල නොමැතිම දෙයක් ඒක...

      ඔන්න ඊළඟ කවිය නම් ටිකක් විතර භක්තිමත් බව අතහැරලා, රාගය යන්තම් මිශ්‍ර කරනවා. ඒකත් හරිම සියුම්ව... " සුදු සේල සළු උනා සඳ දියේ කිමිදෙන්න.." ඉතාම අගනා ව්‍යංගයක් එක්ක කවියේ අර්ථයට ගැඹුරු තේරුමක් එක්කරනවා.

      හැමදාම අරුණෝදේ දකින්න බලා ඉන්න බව පවසන්නේ, ආදරේ හුඟක් බව කියන්න.." මගේ හෙට දවස ඔබ ඉතින් අරගෙන එන්න." ආයෙත්ම කියන්නේ අපි අපෙ වෙමු කියලා. ඉක්මනට දෑඟිලි බැඳ ගන්න අවැසි බව ඒ කවියෙනුත් කියනවා .

      අවසාන කවිය ලස්සන ප්‍රාර්ථනාවන් ගොඩක්. දුක සතුට, බෙදාගෙන ජීවිතය ගෙවන්න අවැසි බව කියනවා. ඒ වගේම, ආදරය,සෙනෙහස, සිඳෙන්න නොදෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා.
      ඇත්තටම හරිම ලස්සන කවියක්.... විචාරයකට ලිව්වා නෙවෙයි. ආසාවට ලිව්ව දෙයක් මේ.. ස්තූතියි අක්කා.

      Delete
  2. ඒක අපූරුයි. චිත්ත රූප මවා ගතහැකි ඕනෙ හැටියෙන්.

    මතකයන් පිරිමදින හිත ටිකක් පහුරු ගාන කවි පෙළක් මට අනුව නම්.....

    ReplyDelete
    Replies
    1. හුඟක් ස්තූතියි ඔබේ ඇගයීමට....

      Delete
  3. සාවන් කා මහිනා - පාවන් කරෙ සොර් . . .
    සාවන් කා මහිනා - පාවන් කරෙ ශොර් . . .
    අඩේ බා බා ශොර් නහී සොර් . . .

    https://www.youtube.com/watch?v=S0H7AFi_4Gw

    අඩේ බාබා තට්ටයාගේ කෝලම නහී තට්ට්යාගෙ කොලම !
    Thattayaa's Column !

    ReplyDelete
    Replies
    1. තට්ටයාගේ කෝලමට පොඩි සතුටක් දැනිලා වගේ, සිංදුවක් හිතට ඇවිත් තියෙන්නේ..

      Delete
  4. Very interesting details you have mentioned, regards for posting.

    ReplyDelete

ආවර්තීය චලන

මට වුවමනා වුනේ වනවාසී වෙන්න.. හැමදේම ශුන්‍යත්වය මෙනෙහි කරමින්, සමාජයෙන් වෙන්වී, වෙනස්ම ජීවියෙක් ලෙස ජීවිතයේ ඉතිරි කාලය ගෙවා දමන්න. ...