කුමරියකගේ වැලපුම
සනහස් බවෙන් පිරි උතුමන් සේ පැහැද
අනුහස් වියෙන් සිරි දිවියෙන් පිරි නිබඳ
තිසුලවි පිනෙන් කිරි සීනය වේ ඉපිද
පින්දම් වඩන් පිරි යන්නට සිරි නිරිද
අනුහස් වියෙන් සිරි දිවියෙන් පිරි නිබඳ
තිසුලවි පිනෙන් කිරි සීනය වේ ඉපිද
පින්දම් වඩන් පිරි යන්නට සිරි නිරිද
කුලුණු ගුණෙන් පිරි හද දෙවොලක වැඳුම
සැලුණු හදින් කඳුලැල් දිය දහරාව
දිලුණු පෙමින් කුමරියකගේ දුක් වැනුම
සිඳුණු තරම් වේ පාපී සිත් හැඟුම
සැලුණු හදින් කඳුලැල් දිය දහරාව
දිලුණු පෙමින් කුමරියකගේ දුක් වැනුම
සිඳුණු තරම් වේ පාපී සිත් හැඟුම
සඳ සිසි උවන් පිරි පසලොස් වක පෝදා
තරු දිලිහෙන්නෙ අහසම ගැබ්බර නැතිදා
කවි කියවෙන්නේ හද පුදසුන පුද දුන්දා
ඈ හිනහෙන්නේ නිරිඳන් සුවයක් පිදුදා
තරු දිලිහෙන්නෙ අහසම ගැබ්බර නැතිදා
කවි කියවෙන්නේ හද පුදසුන පුද දුන්දා
ඈ හිනහෙන්නේ නිරිඳන් සුවයක් පිදුදා
පුන් සඳ කිරණ ගලනා රත වත කමල
නෙත් රස අඳුන සේමා තරු නෙත් නයන
නන් රත නෙලුඹු පෙති සේමය තොල් සඟල
රන් රස ගුලක ගිලෙනා සෙය කුමර සිත
නෙත් රස අඳුන සේමා තරු නෙත් නයන
නන් රත නෙලුඹු පෙති සේමය තොල් සඟල
රන් රස ගුලක ගිලෙනා සෙය කුමර සිත
ගගනදර මෙදියත මුහුම් වන සොඳුරු ඇස
දිනිඳුකර සමුදුරෙ ගිලෙන් දල සැඳෑ සම
සසලතම හදකිනි පැතුම් පිරි හැඟුම් තෙද
සිතිජයම මායව ලෙසින් පර සිඳුව ඇත
දිනිඳුකර සමුදුරෙ ගිලෙන් දල සැඳෑ සම
සසලතම හදකිනි පැතුම් පිරි හැඟුම් තෙද
සිතිජයම මායව ලෙසින් පර සිඳුව ඇත
වනසස් වුවත් පැන යන්නේ හඬ නොනග
දුර්දන් වුවත් සැඟවෙන්නේ රහසින්ම
රජිඳුන් වුවත් සඟවන්නේ පිරි තැවුල
තිසුලවි කෙසේ සනහන්නේ දැන දැනම
දුර්දන් වුවත් සැඟවෙන්නේ රහසින්ම
රජිඳුන් වුවත් සඟවන්නේ පිරි තැවුල
තිසුලවි කෙසේ සනහන්නේ දැන දැනම
නොමඳ දහම් සුගතින් පිරිම වැඳුමය
සසඳ නොකල් දහමට වෙත නැඹුරුය
නිසඟ නැගෙන් සසර පිනක මහිමය
සසඳ නොකල් දහමට වෙත නැඹුරුය
නිසඟ නැගෙන් සසර පිනක මහිමය
එසඳ පිපෙන් සිහිනයේ සුදු පියුමය
සරා දෙනෙත ලිය ලැම හී සර විද සේ
පුරා වතක නොලියූ කවි දස දහසේ
දුරා සඳකි පෑයුවේ අහසට නොරිසේ
ඉරා නගන හද තත් වෙණ වයම් කෙසේ
පුරා වතක නොලියූ කවි දස දහසේ
දුරා සඳකි පෑයුවේ අහසට නොරිසේ
ඉරා නගන හද තත් වෙණ වයම් කෙසේ
නිදාන කතාව කෙසේද යත්,
යටගිය දවස එක් සමයක පරසිඳු රාජ්‍යක රාජ කුමාරයෙක් වන්නාහ. කුමාරයානෝ තරුණ්‍යය ගෙවාලූයේ මහ දුෂ්ට සිත්පිත් ඇතිව සලෙලකූ සේය. මුළු මහත් රාජ්‍යයේම ප්‍රකට රහසක්ව පැවති මේ කුමරුගේ ජීවිතය වූ කලී උදෑසන පහන් වන තුරු අවදි නොවූ හේ තෙමේ නුවර වෛශ්‍යා නිවාසයන්හීදී රාත්‍රිය පහන් කළේය.
එමෙන්ම රාජ භවනේ සිට සිය ගමන් අතර දුටින රූ ශ්‍රියාවෙන් යුතු කෙල්ලන්, හේ තෙමේ හට අවැසි වුයේය.
ඉදින් රාජ කුමරුවන්ට කෙතරම් පාපි සන්තානයක ඇද්ද යන්න කිසිවෙකුට සිතා ගත නොහීය.
රාජ කුමරුවන්ගේ අභිශේක උත්සවය පැවැත් වූයේ කුඩා කල නම් කර කුමරියක් සමඟය. කුමරු ආවාහ කර දීමෙන් සියලු සලෙල් ගති පැවතුම් ශේෂ නොවී ධාර්මික රාජ්‍ය පාලනයක් ගෙනයැතැයි රජකුමරුගේ මව් තොමෝ සිතුවාය. මන්ද විවාහ කර දුන් කුමරිද අතිශය ධාර්මික දිවි පෙවෙතක් ගත කල රූපශ්‍රීයෙන් යුතු මනහර කාන්තාවක් වූ නිසාවෙනි. නමුත් කුමරුගේ පාපිශ්ට කර්මයන් බලවත් වූ හෙයින් කුමරුවන් හට දරුපල නුවූයේය.
සමය ගත වන කල කුමරුගේ සියලු රහස් කුමරියගේ පරිවාර ස්ත්‍රි තුමූ ගේ සවණත වැකුණු නුමුත් කුමරියගේ සිත තැලීමට නොහැකි වීමෙන් කිසිත් කිසිවෙක් නොපැවසීමට වග බලා ගත්හ.
කෙසේ හෝ කුමරුද තමාගේ සලෙල් හැසිරීම කුමරියගෙන් රහසක් සේ තබා ගත්තේය. විවාහ පත් කුමරියට සයනයේදි හිමි වූ සොම්නසක් නොමැති වූද ඇය කිරි සිහිනය හැමදාම දුටුවාය.
ඒබැව් නොසඟවා පවසමින් ඇය ශිව දෙවි වන්දනාවද සිදු කලාය. නුමුත් කුමරුගේ පාපි බව නිසාවෙන් කුමරුට පිය උරුමයක් රහිත වූවෙන් , කුමරියටද සිය කිරි සිහිනය නිශ්ඵල දෙයක්ම විය.
කවි පන්තිය නම් අරුගෙ හොඳම කවි පන්තිය කියත හැකි. එකම වචනෙකින් කිව්වොත්.....
ReplyDeleteඅතිවිශිෂ්ඨයි !
අම්බෝ.. මේ වර්ණනාව වැඩි වගේ...
Deleteකොහොම වුනත් බොහොම ස්තූතියි සඳවතිය...
සොඳුරු බවෙන් පිරි කවි .
ReplyDeleteබොහොම ස්තූතියි කලණ...😊😊
Deleteහම්මේ, සම්භාව්‍ය සිංහල පද්‍ය සාහිත්‍ය ග්‍රන්ථයකින් කොටසක් කියෙව්වා වාගේ නංගි, හරිම ලස්සනයි!
ReplyDeleteහම්මේ වර්ණනාව. ස්තූතියි අක්කේ...මං මේ දවස් වල සංදේශ දෙකක් කියවනව නම් තමයි. ඒකයි ඇඟට වැදිලා තියෙන්නේ...
Delete