නම





පාවහන් පැලැඳ විත්
ගලවාම නොතබා...
හදවත මත ඇවිදින විදියත්,
ඔබ හුඟක් අරුමයක්.
ඇනී සිර වුණ ගල් කැට පතුලත
ගැලවි ගැලවී විසි වන
නුමුත් රිදුමට වඩා නොරිදවන.....
මා නොඇඳ කිසිවක්.
ඉවසමි නුඹේ අඩි.
රිදෙමි, රිදවගමි.
ආයෙත් සිඹිමි නුඹේ අඩි.
සටහන්ව ඇත්දැයි බලමි,
නොදුටු සේ ඉමි...
යලිත් හිස රුවා
පා සටහන් ගැනම වෙහෙසෙමි..
ඝනීභවනය තරම් රිදුමකුඳු නොදනිමි.
නුමුත්, නටඹුනුත් නොසලකමි.
පොසිල පමණක්ම පතමි.
ඒ පොසිලයට ආදරය යන නම තබමි.

7 comments:

  1. කවද තේරුම් ගනීද මේ ආදරේ තරම.

    ReplyDelete
  2. රස වින්දෙමි එහෙත් දහසක් සිතුවිලි හදවතේ සිරවි ඇත කොමෙන්ට් කරන්නට නොහැකිය.

    ReplyDelete
  3. Usually I do not learn post on blogs, but I wish to say that this write-up very forced me to check out
    and do so! Your writing style has been surprised me.
    Thank you, very great article.

    ReplyDelete
  4. Some really select posts on this web site, saved to fav.

    ReplyDelete
  5. Superb, what a weblog it is! This weblog presents valuable
    information to us, keep it up.

    ReplyDelete

තනිකමක් තියා නොතියාම  ඔබ ගියා වුව මතක එලියකි. රිද්දා නොරිද්දාම  හද කොනිති ගැසුවට එයද සුවයකි. පෙමක් අහිමිව යන්නේ කෙලෙසක ණයට දීමක්...