විස්මය



ඔබ එනතුරු බලා හිඳ,
නිදිමත තරු, නයනත සිඹිනි.
මා අනියත බියෙන් 
තරු වැරෙන් ගලවා විසි කරමි.

ඔබවිත් (නො)සිප (නො)වැලඳ
නාන කාමරයට වැදෙනි.
මම, දොර'ගුල නොහැර ඒ තුල මැවෙමි.
ඔබ නුදුරුව හිඳිමි.
නොදුටු නුඹ සැනෙන් විත් බොජුන් කිස
නිදිමත තරු බලෙන් නයනතට ඔබා නිදති.

මා තරු නිවා පහනක් ගෙන එලිය ගමි.
ඔබ දෙස බලා මත් වෙමි.
තොල් මත වැතිරෙමි.
සිහිනෙන්ම හාදු අත'රිමි.
විඩාවට බනිමි. ඔබට නොබනිමි.
ආදරෙන් හිස මත අතැඟිමි දුවමි.
ඉදින් මේ ප්‍රේමයම විස්මයක් යැයි අදහමි.


Comments

  1. අපේ ජීවිතේදී ලැබෙන දේවලට වඩා නොලැබෙන දේවල් වැඩියි. ඉවසීමෙන් ඉන්න වෙනවා. ඒ දේවල් ලැබෙන කම්. සමහර දේවල් කවදාවත්ම නොලැබෙන්න පුළුවන්. මොනවා කරන්නද ඉතින්.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්. . ලැබීම නොලැබීම නොවේ ඒක මට නම් හිතෙන්නේ.. සාමාන්‍ය දෙයක්... කොහොම වුනත් ඔබේ දිරි මට වටිනවා.

      Delete

Post a Comment

Popular Posts