පණ්ඩුකාභය
ගුරුකුල සදිසි කම්මල මැද සිත පැහැදි.
ගිනි ගෙන අවුත් මඟහැර ආ මරු නුදුටි.
වැව්මැද දඟකමින් ආයෙත් මරු සැඟවී.
බෑණා නොවේ උන් දුටු පස මිතු සදිසි.
නුග පත් සැලෙන සේ සසැලෙන මුදු හදින.
වගවත් සුලෙල වූ ස්වණ්ණය දද ලෙලෙන.
සැදැහැත් සිරින් පා අඩි ඔසවා යනෙන.
කගපත් සැලුනේ දස්කම් බවකින් සහජ.
සඳ එන පමාවෙන් දුවනා අස් දුටිමි.
ස්වර්ණ පාලියම සසැලී ඇත සැඟවී.
ගිරිකඩ පව් වැටිය පාමුල හද පිපිණි.
සසර සරන පෙම විකසිත වී දිලිනි.
මාමාවරුන් මරණට කිසි සිතක් නැති.
උන් විත් කිරි සුවඳ නසනට කුරිරු වුණි.
අභය සේම අබදන දෙන්නට සිතිණි.
අනවැසි පවක් රජ කරුමෙට එකතු වුණි.
බසවක්කුලම වැව ගොවි බිම් සිඹ සනසා.
ඉරණම නිසා ලක්පුර රජ සිරි පාලා.
අනුරද නුවර වී ලක්දිව සිරි වීලා.
රන් අකුරින් ඉතිහාසය ලෙල දීලා.
අද දවස සුබ වෙඉ වගේ. උදේම කියෙව්වේ මේ කවිය.
ReplyDeleteහී හී... සුභ උනාද දන් නැහැ නේද.. 😊
Delete-මගේ මතකය අතීතය-
ReplyDelete"කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගියේ ය . අභයගිරියට මෙන්ම බසවක්කුලම වැව අසල ඇති පන්සලටද මම නැතුවම බැරි චරිතයක් විය . රුක්ෂිකා (විදුහල්පති තුමාගේ දියණිය) ටද එසේම විය . එහෙත් කොලබ කෙල්ලන් මෙන් නොව යම් තරමක් දුරින් සිට ආස්රය කරන්නට ඇය හැමවිටම කල්පනාකාරී විය . සමහර දවස් වලට හවස අපි කිහිප දෙනෙක් බසවක්කුලම වැව තාවුල්ලේ සිට එක එක දේවල් කතා කළෙමු . ඔය අතර ඉතිහාසය ,සාහිත්‍ය සහ කලා වට මුල්තැනක් දුනෙමු . ඔය හැම කතාවකම කථානායිකාව වූ යේ ඇය ය . දැන් සම වයසේ යහළු යෙහෙලියන් රැසක් මට සිටි අතර ඔවුන් සියල්ලෝම වචනයේ පරිසමාර්ත අර්ථයෙන් ම අව්යාජ අය විය. කුඩා දරුවනට ද මම නැතුවම බැරි විය. ඔවුන් ඉංග්‍රීසි ඉගෙන ගත්තේ මහත් ඔනෑකමකින් ය.තවද ඔවුන් දිනෙන් දින ඉංග්‍රීසි දැනුමෙන් පරිපුර්ණ විය .
දිනක් රුක්ෂිකා සවසක වැව තාවුල්ලේ කථාකරමින් සිටි අතර හදිස්සෙයේ ම මගෙන් විමසුවේ
"අය්යාට කොළබ අමතක කරන්න බැරි කෙනෙක් ඉන්නවා ද " ?
Friday, October 26, 2018
අනුරාධපුරේ ස්වේච්ඡ සේවය , පුරාවිද්‍යා මහත්තයා , අභයගිරිපුරාවිද්‍යා කැණීම්, බසවක්කුලම වැව අසල ඉංග්‍රීසි පන්ති සමග ආයෙමත් තාත්තා
https://magelokaya01.blogspot.com/2018/10/blog-post.html
මං මේ කතාව කියවලා තියෙනවා කියලා මතකයක් තියෙනවා.. ආයෙත් කියවන්න එන්නම්කෝ.. ස්තූතියි කලණ මේ පැත්තට එනවට නිරන්තරයෙන්ම...
Deleteඒක වෙනස් .... හොදයි
ReplyDeleteස්තූතියි අක්කා...හැමදාමත්.
Delete