වසන්ත පෙම



සටන්    කලද       හද    අරගලයකම     වැදී
පටන්    දිනයෙ     සිට   කවිකම නුඹට   හිමී
ගයන්   කෙලෙස  රස   කවියකම           වැදී
වසන්    කලෙද    නුඹ   ලියකම් කරපු   කවී

වසන්තය   පුරා    පිපි      මල්   නුඹට      හිමී
දසන්තය    පවා   ලෙල   දුන්    මලම       සිඹී
අනන්‍තය   දවා    හළු    කල   පෙමක්    හිමී
වසන්තය   නුරා   නුබ     පිපි    නුඹයි      සිසී

පෙමක්   අනගි      හස කැල්මෙකය       ගිලී
ලවන්      රසැති    කව් ලියැවෙන හදකි ලිලී
නුවන්     සරති      හද කිතියක් මවයි     දැවී
නුඹත්     කෙලෙස අමරණීය පෙමක්     වුණී

Comments

  1. වසන් කලෙද නුඹ ලියකම් කරපු කවී...මේ පේලිය හරිම ලස්සනයි අරූ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විනීත පූ... ඒක නෙවෙයි ඔය නම දා ගත්තේ ඇයි අනේ...

      Delete
    2. මේක මම දා ගත්ත නමක් නෙමේ අනේ...ඔපිස් එකේ අය මට දාපු එකක්. මමයි මගෙ වැඩයි පූ වගේ කියල කියන්නෙ. ලොකු අවුලක් නැති නිසා ඒකම තියා ගත්ත ඔන්න ඔහේ.

      Delete
    3. ඔයා අහිංසකද ඒ කියන්නේ.. හී හී...

      Delete

Post a Comment

Popular Posts