සින්ඩරෙල්ලත් දුප්පත් කිරිල්ලියක්.

සිහින වලා නිල්වන් ගගනේ මැවුන.
පිඹින නලා හදවත් සසලේ දැව්ව.
නහින වයස පැතු නාඹර විය තුරුණ.
වහින වැසිත් ආසිරි පැතුවා වැන්න.

ලැයිමේ ඉපදි සුර සැප නොදුටුවත් කිසි.
නෑවේ පාන්දර වත්තේ හොරෙන් වැනි.
ගාමන්ට් එකේ රෙදි කන්දක් මැද්දේ මැරී.
මසකට දහසෙ කොල දහයකි අතට හිමි.

බඹරිඳු ඇවිත් සුවඳට මත් විය සකිය.
නරනිඳු වුවත් මැව්වේ සිහිනෙකි මිතුර.
බඩ වුණු කෙල්ල ගණිකාවක් වුණි පවට.
පිරිමින් රහසේ පැන ගියේ වෙනසක් නැතිව.

හවස කුරුලු ජෝඩු ලයිට් වයරයේ හිඳී.
නොවුනට සැපක් උන් සතුටින් පෙමින් වෙලී.
පෙමකුත්, අහිමි පොරොන්දුවය රැකුවෙ නැති.
අසරණ කෙල්ල සමාජයට පිල්ලි වුණි.

නිමා නොවන ජීවිතයක හිමි ගමන.
දුවා වෙලඹ හති වැටුනට හිමි දුකය.
මවා සිහින ගාමන්ට් එකෙ ජීවිතය.
පලා ගන්න ලේ මස් නැති කවන්දය.

නුරඟන සෙයින් බිම බට කටු පොලවෙහිය.
වරඟන වීය ඇගෙ හද මස් රිදුම් විය
සුරඟන කතාවක සින්'රෙල් කිරිල්ලිය
පුරඟන වූවාය දුප්පත් කිරිල්ලිය.

7 comments:

  1. හරිම අගෙයි ! සුදු ඇදගෙන කළු ඇවිදින් හි සුභා ගේ චරිතය මතක් උණා !

    ReplyDelete
    Replies
    1. කලණට මගේ කවි කතා කියෙව්වම එක එක චරිත මතක් උනාට මට ඔව්වා මතක නැතෝ.. කොහොම නමුත් ස්තූතියි මේ පැත්තට ඇවිත් සතුට පල කරනවට...

      Delete
  2. දුක හිතෙන කවි පන්තියක් අරූ. ලස්සනට ලියල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පූ.... 😊😊

      Delete
  3. දුක හිතෙන කතාවක් ලස්සනට ලියලා අරූ...

    ReplyDelete
  4. ලස්සනට ලියලා අරූ ❤️

    ReplyDelete

තනිකමක් තියා නොතියාම  ඔබ ගියා වුව මතක එලියකි. රිද්දා නොරිද්දාම  හද කොනිති ගැසුවට එයද සුවයකි. පෙමක් අහිමිව යන්නේ කෙලෙසක ණයට දීමක්...