කුරුමිට්ටෝ


ඉන්නවා කුරුමිට්ටෝ,
තමන් උස යැයි හිතාන.
අනෙක් මිටිවුන්ට හිනාවී..
දළඹු කෝෂෙන් එන, 
සිරව ඉපදුන කුරුමිට්ටෝ..
දන් නෑ තමන්ට වඩා උස වුන් සිටින බව..

සේලයින් බෝතලය ගලවන්න 
පමණක්ම හැකි ඒ, උසැති කුරුමිට්ටෝ..
ගස් නගිති ගෙඩි කඩන්නට.
ඒ ගෙඩි, සමහරු ඇඟිලිතුඩෙන් ඉස්සි කඩති.

කුරුමිට්ටෝ, උසැති යයි හිතාන
 ඇවිදිති.. කති... බොති... 
කුඩා කුරුමිට්ටන්ට  සිනා වෙති.

උසවුන් ඔවුන්ගේ ගමන යති.. 
කුරුමිට්ටොන්ව නොදකිති, නොසිතති... 

Comments

Popular Posts