අඹ ගෙඩි රාජ්‍යය -08



දෙදිනක් ගත වුනා.. සිනෙක්සා කුමරිය මාලිගාවට පැමිණියේ නැහැ... ඇය පසුගිය දිනයේ සිදුවූ සිදුවීමෙන් අනතුරුව නොදුටුවෙන් සුවිස් කුමාරයා උන්නේ මහත් කම්පිතව.. කුමරා අඹගෙඩි රාජ්‍යයට පැමිණි අරමුණත් අමතකව කුමරිය හමු වන්න උමතුවෙන් උන්නේ...
කුමරිය උන්නේ ඒ වන විට අඹගෙඩි රාජ්‍යයේ සටන් විද්‍යාලයේ පුහුණු සැසියක උගන්වමින්.. කුමරුට ඒ රහස දැන ගත් වහාම සටන් විද්‍යාලයට යන්න වුවමනා වුනා.නමුත් එයට පිටස්තරයින්ට ඇතුල් වෙන්න හැකියාවක් නැහැ.
ඒ බව අඹගෙඩි රාජ්‍යයේ සේවකයින් කුමරුගේ සේනාවට දැනුම් දුන්නේ කුමරුගේ සේවකයන් ඒ ගැන අඹගෙඩි රාජ්‍යයේ සේවකයන්ගෙන් විමසනකල...
ඉන් පස්සේ් සුවිස් කුමරා කල්පනා කලේ රහසින් හරි කුමරියගේ සටන් බලන්න යන්න හොඳ සැලසුමක්... 
කුමරු තනිවම මහල්ලෙක් විදියට වෙස්වලාගෙන ඇවිද ගෙන ගියේ සටන් විද්‍යාලය සොයාගෙන.. ඒ ගමන දුෂ්කරයැයි කුමරු හිතුවේ නෑ..
සටන් විද්‍යාලය තිබුනේ ගල් කුලක් උඩ. ගල් කුල නගින්න තනිවම බැහැ.. කුමරුගේ අත් පා සීරුනා.. කුසගින්නේ වෙවුලුවා. ඒත් කුමරුට අවැසි වුනේ කුමරියව දැක ගන්න...
කුමරු දින හතක් ගත කරමින් මහළු මිනිසෙක් සේ තුවාල වෙමින් ගිරිශිඛරය තරනය කරන්න සිදු වුනා. අවසානයේදී යකඩ සපත්තු හතක් ගෙවමින් සටන් විද්‍යාල භූමියට අවතීර්න වුනා...
ඒ වන විට කුමරිය උන්නේ සටනක.. ඒ සටනේ ප්‍රතිවිරුද්ධ සටන් කරු විදියට ඕනෑම කෙනෙකුට අභියෝග කරලා තිබුනේ.. නමුත් කිසිවෙකු සුදානම්ව සිටියේ නැහැ. කිසිම හැලහොල්මනක් නැති ශාලාවට කුමරු අවතීර්ණ වුනා...
කුමරියට කුමරු හඳුන ගන්න නොහැකි වුනේ ඔහුගේ මහළු වෙස නිසා..
ඉතින් කුමරු කුමරිය හා සටන් වැදුනා..
හරියටම කියනවා නම් පැයකටත් වඩා අධික කාලයක් කිසිම කෙනෙක්ට ජයග්‍රහනයක් හිමි නොවී පැවතුනා..
එන්න එන්නම කුමරියට වෙහෙස වුනා... කුමරු කුමරියගේ වෙනස තේරුම් අරන් සටන නවත්තන්න කඩුව බිම අතහැරියා.. නමුත් සිදු වුනේ නොසිතු දෙයක්....

Comments

  1. ඊයේ මේ කොටස දැකලා මුළ ඉඳන් ඔක්කොම කොටස් කියෙව්වා. හරිම වෙනස් කතාවක් නංගි. මං කැමතියි ඒ වෙනසට. තව ටිකක් දිගට කොටස් ලියන්න පුළුවන්නම් හොඳයි. මෙහෙම චුට්ට චුට්ට කියවනකොට රසවිඳින්න බාධාවක්නේ. මේ කතාවේ කොටස් හොයාගෙන යද්දි ඔයා ලියපු අනිත් කතාත් දැකලා කියෙව්වා. හරි වෙනස්. ලස්සනයි. ඔයාට සුබ පතනවා! :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි... මේක ලියන්න අරන් හුඟක් කල් වුනාට ඉවර කරන්න වුනේ නැහැ. අලුත් අවුරුද්දේ මේ කතාව ඉවර කරන්න හිතන් ඉන්නේ කොහොම හරි..
      බොහොම ස්තූතියි මගේ විකාර කතා කියෙව්වට... හි හි...

      Delete
    2. දිගට ලියන්න බලන්නම් අක්කේ..අවවාදයට ස්තූතියි ....
      මට තවම කොටස් පල කරන ඒවා තේරෙන් නෑ.. ඉවර කරන්න වුවමනා විදිය. අක්කගේ කතා මං කියෙව්වා.. ලස්සනයි... ඒවා ආස හිතෙනවා කියවන්න... ඉඩ තියන වෙලාවට හිමින් කියවන්නම්...

      Delete
  2. නැවේ ගේ සුභ පැතුම්....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කැප්ටන්... සුභ නව වසරක් වේවා

      Delete

Post a Comment

Popular Posts