මවක්..




උතුරු  සළු  බඳ වටා      එති බඳ           සිප සිප.
දුරුතු  සඳ   දිය කරයි    අහස් කුස       මැද හිඳ.
පුරුදු  ලිය   අවුදින්‍ ය    ලිප ඉදින්          අවුලන.
දුරුතු  සිල්  අවසන්ව    හද මැදද            ගින්දර.

පුතුන්    දැන්  දැන් එතීයී කුසගින්නේ     හිඳිනා.
නුවන්    පා   කරයි දුර ඈත මඟ           වෙතිනා.
දිනෙන්  දින ගෙවුනමුත් පුතුන් නැත       දකිනා.
දසන්    පා    එනමුදුත් සිනා වෙයි        තොසිනා.

රෑ       කළුවරේ ඇය කුස පිරවු              සුසුමකි.
මිය ගිහිපු සැමියා යලි දැක ගන්න      පැතුමකි.
පිරිත් කී තනියමම නිදා ගත්                  සකියනි.
ඇය තවම නොනිදාම පුතුන් ගැන      සිහියෙනි.

දස    මසක්    කුස දරන් දුක හොවා        සිටියා.
වස   විසක්    නොදී ඇස තරම් දරු        රැකුවා.
සස   භවත්    තරමටම සිත පුතුන්      වෙතිනා.
අද    කොහේ   පුතු ගියේ මව තනිව      හිඳිනා.


Comments

  1. දසකඩ මසක් මගේ බර සියොළඟ රඳවා..
    රෑ දහවල් මා වෙනුවෙන් නිදි වැරුවා..
    මා දැඩි වන තුරා ලේ ටික කිරි කරවා..
    කවි වැල් වලින් ඔබේ ගුණ සමරනු බැරුවා..

    කාලෙකට කලින් අම්මා ගැන අපේ අම්මා ලියු එකක්..

    මේත් අම්මා ම ලියපු එකක්..
    https://kalahitha.blogspot.com/2015/02/moon-friend.html

    මට මේ බ්ලොග් එක පැටලිලා තිබ්බේ.. Colourful World of Aru කියල තව බ්ලොග් එකක් තියෙනවා ඒකත් එක්ක.. ඔන්න අද බ්ලොග් රෝල්ට දා ගත්ත ආයි මිස් නොවෙන්න..

    ReplyDelete
    Replies
    1. හයියෝ ඒක තමා නේද... මං කවි කතා ලියන කෙනෙක්නේ.. ඒත් ඒ බ්ලොග් එක ෆොටෝ ග්‍රැපි එකක් නේ... ස්තූතියි මේ පැත්තට ගොඩ උනාට. වගේම මගේ බ්ලොග් එක ඔබේ බ්ලොග් රෝලට දාගත්තට..

      Delete
    2. කොහමද මෙකට කෙමෙන්ට් දන්නෙ

      Delete
    3. මෙන්ඩ බලපන් මේ කොමෙන්ට් ටික යටින් පෙන්නනවා Enter your comment කියල.. එතන කොටපම්.. ඊළඟ පෝස්ට් එකේ ෆොටෝ එකට කලින්.. :)

      Delete
  2. හදවත දුකින් බර වෙනවා. ගොඩාක් අම්මලාට අද වෙන්නේ ඔය දේ තමයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. ඔව්... ඒත් තමා සම්මතයේ පිහිටා සිතන්නේ නම් මේ දුක් නැහැ නේද ..

      Delete
  3. මොන එකක්ද මන්දා, මට දැන් ඉස්සර වගේ කවි රසවිඳින්න බෑ. ඒත්.. අම්මා කියල තිබ්බ නිසා කිවෙව්වා. දැන් ඉතිං අවුල්

    ReplyDelete
    Replies
    1. I am sry bassa... බස්සගේ කොමෙන්ටුවකට දන්න රිප්ලයි එකක් හිතාගන්න බැරුව ඉන්නේ.... බස්සට අවුල් වෙන හේතුව !!!?

      Delete
    2. ඒක දිග කතාවක්. අපිට අම්මා,තාත්ත දෙන්නටම හිටියෙ අම්මා. දැන් ඇය අප අතර නෑ.

      Delete
    3. I am sry bassa,දුකයි ඒ ගැන , ජීවිතෙ ආයුෂ ඉවර වුනාම අපිත් යනවා.. ඒත් දුකක් තමයි.. පින් දහම් කරලා පින් පෙත් දෙන එක විතරයි දැන් කරන්න පුලුවන් දේ...

      Delete
  4. අම්මා යන්න අර්ථ දැක්වීමට තරම් වූ ජගතෙක් මේ මිහිපිට නැත .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කොමෙන්ටුවට.. ඒත් ඒ අගෙ තේරෙනවා කියලා මං හිතන් නෑ අපේ දෙමව්පියන් අපිට නැති වෙනකම්....

      Delete

Post a Comment

Popular Posts