පර්සියස්
පර්සියස් ඔබ නොසිටි නම්,
රූමත් කුමරියගේ සිත් ගත් වීරයෙකු,
මේ මිහිබට නොසිටින්නට ඇත...
මලවුන් අතරය අප දැනුදු
දස දහස් වසකට පෙර මියැදුන,
නුමුත් මතකය නොම මියෙන
තවමත් ආලෝකය වපුරන.
රූමත් රජ කුමරියකට වුව,
හදවත ගැහෙන රාවයක් තිබිය හැක,
එකම හදවතක් පමණක්ම හඳුනන...
දුප්පත්ම හදවතක් වුව විය හැකිය පර්සියස්, හිමි කරුද ඔබ....
පසු කරන් කලියුගය,
එලි කලත් දිගු රැයැක,
විරහවකින් පෙලෙන,
සසැලෙන හද පෙලුව,
දාහය ගිම් සැරය...
වර්ෂ දහස් ගණනකටත් පෙර
තරුද මියැදුනය.
ඔබ වීර කතාවක
තවමත් උස් තැනය.
මා සියල්ල පිනැවු,
රූමත් කෙල්ලක් නුමුදු.
සුරකුවේ මා ඔබැම ය..
මේ තරු සිතුවම
ඒ මිහිරි සමයේ
ආදරෙන් මූර්තිමත් වූ
ඉවසිලිවන්ත කවද....
=================================
(ඇන්ඩ්රෝමීඩා, සෙපියුස් රජුගේ සහ කැසියෝ පියෝ බිසවගේ රූමත් දූ කුමරිය වූවාය
තම දියණිය වූ ඇන්ඩ්රෝමීඩා මුහුදු අප්සරාවන්ටත් වඩා රූමත් බව කැසියෝ පියෝ බිසව පැවසු බව මුහුදු අප්සරාවියගේ පියා වූයේ සමුදුරට අධිපති නෙප්චූන් දෙවියන් කෝපයට පත්විය. මෙනිසා ඔහු සෙපියුස් රජුගේ රාජ්ය බිලිගැනීමට මුහුදු මකරකු / රකුසෙකු යෑවීය.
දෛවඥයන්ගේ මතය වූයේ මෙම මුහුදු මකරාගෙන් රට බේරා ගැනීමට රාජකීය කුමරිය වූ ඇන්ඩ්රොමීඩාව මුහුදට බිලිදිය යුතු බවය. එනිසා සෙපියස් රජු තම දියණියව මුහුදු වෙරළෙහි ගල් කුළක බැඳ තැබීමට අණ කළේය.
මකරා මුහුදෙන් මතුව, ඇන්ඩ්රොමීඩාව බිලි ගැනීමට මොහොතක්ව තිබියදී, මෙඩුසා නමැති යක්ෂණියගේ හිස ද රැගෙන පියාඹන අශ්වයකු පිටේ නැඟී ඒ අසලින් පර්සියස් නමැති වීරයා ගමන් කරමින් සිටියේය.
මෙඩුසාගේ දෙනෙත්වල බැල්ම පතිතවන ඕනෑම දෙයක් ගල්බවට පත්වන අපූරු බලයක් ද විය. පර්සියස් මෙඩුසාගේ දෙනෙත් මුහුදු රකුසා වෙත යොමුකළ විට ඔහු ගල් රුවක් බවට පත්විය. පසුව පර්සියස් මුහුදු වෙරලේ ගල් කුලක බැඳ තිබු ඇන්ඩ්රොමීඩාව දම්වැල්වලින් ලිහා බේරාගත්තේය.
අද පවා පර්සියස් අහසේ සිටිනුයේ තම කඩුව එක් අතකින් වනමින්ද අනික් අතින් මෙඩුසාගේ ලේ පෙරෙන හිස ද අතින් රැගෙනය. මෙඩුසාගේ හිස සංකේතවත් කරනුයේ ඇල්ගොල් නම් තාරකාවෙනි. අරාබි වචනයක් වූ ඇල්ගොල් යන්නේ අරුත යක්ෂයා හෝ භූතයා හෝ යන්නය.-අන්තර්ජාලය ඇසුරෙන්)
=================================
අපූරුයි ...
ReplyDeleteස්තූතියි අක්කේ...
Deleteඑතකොට මේ ඇන්ඩ්රොමීඩා එයාට මොකද උනේ? කාවන්තිස්ස රජ්ජුරුවො වගේ උනානම්????
ReplyDeleteඑයා අහසේ දැන් 😊😊😊
Deleteවැරදිලාවත් මෙඩුසා අර කෙල්ල ඇන්ඩ්රොමීඩා දිහාත් බැලුවනම් එහෙම විනාසයි නේද? හෙහ්.. කාලෙකට කලින් බ්ලොග් වල හිටියා නේ මෙඩුසා කෙනෙක්.. දැන් නෑ ගල් වෙලාද මංදා.. :))
ReplyDeleteඒ කියන්නේ මෙඩුසාගේ බැල්ම පතිතවන ඕනෑම දෙයක් ගල්බවට පත්වන අපූරු බලයක් තිබුනද... එයා නැතිඑක හොඳයි එහෙනම්.. හී හී...
Delete