නෙට් වර්ක් ඉංජිනේරු පෙම්වතාට
නින්ද නැතිව අරුණෝදය නැගුනාද,
රෑ සඳ හරිම වේගයකින් පිපුනාද,
ඒසී නිසා දාහය නොම දැනුනාද,
අහරක් නොගෙන නිදි තුරුලට වැදුනාද,
එකවිට ඩවුන් දෙක තුන හෙම වෙන්වාද,
හිස ඔසවන්නවත් කාලය නැතිවාද,
මොනිටරයට නෙත් දෙක හුඟ රිදුනාද,
නෙත්දෙක පියා නිදි ඔබ ඒ හින්දමද,
බග්ස් හුඟ නිසා තව තව හිර වීද,.
කෝල්ස් නිසා සවනත හුඟ රිදෙනවද,
කෝඩ් හුඟක් මතකයේ නොම නැවතේද,
ටීම් එකත් පිස්සු කෙලන් එනවාද,
ඩවුන් නැතිවෙනා දවසක් හිමිවේවා,
ආදරේ පහන් සිලු මතකයේ දැල්වේවා,
නෙත් නොරිදෙනා, සුව නින්දක් හිමි වේවා,
මේ සති අන්තේවත් ඔබ මට මුණගැහේවා...
නෙට්වර්ක් ඉංජිනේරු විතරක් නෙවෙයි අරූ, වර්තමාන හැම පෙම්වතාගෙම තත්වෙ ඔහොම තමයි
ReplyDeleteඅදාලව ලිව්වේ නම් නෙට්වර්ක් ඉංජිනියර් ගැන... මොනිටර්ස් වලට එබි දවසෙම ඉන්න එක නම් ඇත්ත අනික් අයත්...
Delete+++
ReplyDelete😊😊😊😊
Delete😊
ReplyDelete☺️☺️☺️☺️🙂🙂🙂🙂
Deleteදැන් කාලේ වෙන දේවල් තමයි ඔය දාලා තියෙන්නේ
ReplyDeleteඔව් ඔව් වෙලා තියෙන දේවල්.. 😉😉😉
Deleteනියමයි
ReplyDeleteස්තූතියි
Deleteහා හා හා.....
ReplyDeleteස්තූතියි අක්කා...
Deleteසමහර ඉන්දියන්කාරයෝ හොලිඩේ යන්න ඉස්සර සර්වස් වලට වැදලා එහෙම මොනවද නුල් වගයක් බැදලා යනවා මම දැකල තියෙනවා .
ReplyDeleteලස්සන පද පෙළක් . මේක කියෙව්වම නෙට් වර්ක් ඉංජිනේරු පෙම්වතා සර්වස් වලට බම්බු ගහගන්න කියල එන්න ඇති .
හී හී මං වත් නූල් බඳින්න ඕනා දැන්...
Deleteමගෙ වයිෆරේ මේකම එවයි කියල බයයි පද්දති පාලක (සිස්ටම් ඇඩ්මින් කියන්නෙ ඒකද බං) මිනිිහාට කියල.
ReplyDeleteපින්තූූරෙ අපිට අදාල නෑනේ පේන හැටියට ස්ටොාාාක් එක්සචේබ්ජ්
මං පින්තූරෙ නම් ගත්තෙ නිකමට ගූගල් දෙයියන්ට පින්සිද්ධ වෙන්න නෙට්වර්ක් ඉංජිනියර්ටත් ගැලපෙන් නැද්ද කියලා මං හිත හිත දැම්මේ... වයිපරේට නම් රෑ දෙගොඩ හරියේ නැගිටලා ගරි ඔයාගේ මූණ බලා ගන්න පුලුවනේ.. (මං කිව්වේ ගෙදර ඉන්නවා නම්, බෝඩ් වෙලා වගේ හරි ලංකාවේ නෙවෙයි හරි ඒකත් බෑ ඉතින්..) ඒත් කෙල්ලට කොල්ලව බලාගන්න වෙන් නැති එකනේ මෙතන පුරශ්නේ.. 😂😂😂
Delete