ආදරයට ආදරෙන්




ඈත දුරින් අකුණු හඬක් ඇහුන ගමන් තුරුලු වෙන්න.
හිරිකඩ සීතල එනකොට උණුහුම් කර ළඟින් ඉන්න.
ආදරේ තව හුඟක් වෙන්න සීතල නුඹටම දැනෙන්න.
මැණික නුඹම මා ගාවීන් එපා ඉතින් ඈත් වෙන්න.

රාත්‍රියම නිරුවත් කල, බිනර හඳට එලි මැවිච්ච.
තනිකම දුරැරා ළඟ උන් තරු මල් ඇත තව පිපිච්ච.
සලුව උනපු හඳ එලියෙන් ඔබෙ ලස්සන දැක මැවිච්ච.
මගෙ කඳුලු වල උණු තෙත ඔබේ හදෙ ඇත තෙමිච්ච.

වාං දමන වැව් තාවුලු පිරි ඉතිරිවා දමන්න.
වැව් පතුලෙ සෙනෙහෙ තියා වැවක් වෙලා පිරි ඉන්න.
හුඟක් වෙලා ළඟින් ඉන්න රෑ යම තව තව තියෙන්න.
හීන් සිරුවට මගෙ ළඟ සෙනෙහෙ තබා තුරුල් වෙන්න.


Comments

  1. ආදරේ තව හුඟක් වෙන්න සීතල නුඹටම දැනෙන්න.
    අපූරු ප්‍රාර්ථනාව.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සඳවතිය, කාලෙකින් මේ පැත්තේ...

      Delete

Post a Comment

Popular Posts