නාඩගමේ මං

ගීතයක් හෝ කවියක් හෝ කතාන්දරයක් හෝ වේවා, අනර්ඝ වීමට නම් අපුරූ වචන හරඹයක් තිබීම මගින් සහෘදයින් උපරිම වින්දනයට පත් කල හැක. එයිනුත් ගීතයක් වූ කලී වචන සීමා සහිත ප්‍රමාණයකින් කරන්නා වු මනරම් නිමැවුමකි.  එය සහෘදයින් පින වීමට මනරම් රිද්මයක්,මනරම් හඬකින් සම්මිශ්‍රව පැවතීමෙන් අත්‍යන්තයෙන් ඔබ්බටත් සහෘදයන් රැගෙන යාමකි.
නුමුත් මේ කිසිවකුඳු නැතිව,  චිත්තරූප මැවීමට තරම් ගීතයේ පද පෙළ අපූරු නම් ගීතය කෙතරම් විශ්මයජනක වේදැයි ඔබටද සිතා ගත නොහැක.

එවැනිම අපූරුතම මෙන්ම වෙනස් ගීතයකි, "නාඩගම් ගීය", නැතිනම් "හෙට නාඩගමේ මං..." ගීතය...

නැවත වතාවක් එනම්, "කුවේණියේ" ගීතයට පසු, රිද්ම වීරවර්ධනයන්ගේ හඬින්, චන්ද්‍රසේන තලංගමයන්ගේ අපූරු විශ්මාන්විත පද රචනයෙන් හා චරිත් අට්ටලගේ යන්ගේ, තනු නිර්මාණයෙන් නිර්මාණය වී සිංහල කලාවට දායාද වූ දුර්ලභ ගණයේ ගීතයකි. එය..

සාමාන්‍යයෙන් මෙන්ම කාලීනම පදපෙලකට හසු නොවන අපුරූ සිදුවීමක් පිළිබඳ පරිකල්පනාවකට තලංගමයන් හසුවේ..
සංගීත නිර්මාණයද නාට්‍යක හුරුකම් සහිත මූලික අඩිතාලම දමමින් අමුතුම හැඩයක් ගීතයට ලබා දීමට තනු නිර්මාණකරුද අතිශය සාධාරණත්වයක් ඉටු කිරීමට නොපසුබට වී ඇත.

එය රචනා කරන්නේ අනාගතයේදී සිදුවන සිද්ධියක් විලසින් කතා නායකයා, එනම් හෙට පෙන්වන නාට්‍යයේ නලුවාගේ චරිතය විදහාලීමකින්‍ ය. එමෙන්ම අතිශය සොම්නසින් කතා නායකයා කියන්නේ, තමාගේ ප්‍රෞඩත්වයයි. එමෙන්ම ඉතාම විශ්වාසශීලිව නාට්‍ය නරඹන්න පැමිණෙන කාන්තාවන් තමාට වහ වැටෙන බවද නොසඟවා කිසිඳු අපහසුවකින් හෝ කුකුසකින් තොරව පවසයි.

"මුලු ගමේම අඟනුන් මට වහ වැටෙනවා බලාපල්ලා බොරු නම්."

එලෙසින්ම නාට්‍යයේ තමා හෙට දින රඟන අයුරු පිළිබඳව චිත්ත රූප මවමින්, පියවරක් පියවරක් පාසා කිසිඳු අපහසුවකින් තොරව වාග් කෝෂයේ වදන් යුහු සුලුව භාවිතා කර ඉදිරිපත් කර ඇති අපූර්වත්වයද විද්‍යාමන වේ.

"දමා කඩුක්කන්, ඔටුණු නළල් පටි,
කඩුව කරකවා සබයට එන හැටි..
"

මෙලෙස පබැඳි වචනයක් වචනයක් පාසා රජුගේ පෞරුෂය ,පෞඩත්වය විදහාමාන වේ, රජු පළඳින ආභරණ, පිළිබඳව ඉතා සංක්ෂිප්ත අර්ථයක් ලබා දීමෙන් ගීතයට ආභරණයක් එක්කර ඇත.

නැවත වතාවක් මේ නාට්‍යයේ තමාගේ ඉදිරිපත් කිරීම නිසා අඟනුන් ආදරේ කරන අන්දම, කිසිඳු අවිශ්වාසෙකින් තොරව තමගේ රංගනය පිළිබඳවද විශ්වාසයෙන් පවසයි.

නමුත් අවසාන පද්‍ය පේලියේ දක්වන,
"පවර අජාසත් නිරිඳුන් මම වෙමි
පියා නසා රජකම අරගන්නෙමි.
" යන පැදිපෙලෙන්, ගීතයේ ප්‍රෞඩත්වයට හානි වී යැයි කුකුසක් හට ගනී. එනම් පියා මරා නිරිඳුන් වීම අනුමත කල නොහැකි සිදුවීමක් නමුදු, එය ලෙහෙසියෙන්, කිසිඳු අපහසුවකින් තොරව,එමෙන්ම සොම්නසෙන්ද පවසයි.

එසේ සිදුවීමෙන්
"මුලු ගමේම අඟනුන් මට වහ වැටෙනවා බලාපල්ලා බොරු නම්" යන්න සිදු වීම සිදු වේ යැයිද,කුකුසකි.


නමුදු, ගීතයක් ලෙසින්, එය අපුරූ පරිකල්පනාවක් මෙන්ම, ගී රචනයකි.


හෙට නාඬගමේ මං රජාට අඳිනවා අජාසත්ත නාමෙන්,
මුලු ගමේම අඟනුන් මට වහ වැටෙනවා බලාපල්ලා බොරු නම්.
හෙට නාඬගමේ මං රජාට අඳිනවා අජාසත්ත නාමෙන්,
මුලු ගමේම අඟනුන් මට හිත වැටෙනවා බලාපල්ලා බොරු නම්.

දමා කඩුක්කන්, ඔටුණු නළල් පටි,
කඩුව කරකවා සබයට එන හැටි..
බලා හිඳින අඟනුන් සත්තයි ආලේ බඳී රහසින්.
බලා හිඳින අඟනුන් ආලේ බඳී රහසින්.

පවර අජාසත් නිරිඳුන් මම වෙමි
පියා නසා රජ කම අරගන්නෙමි.
කියා එද්දි අද මං සත්තයි, ආලේ බඳී අඟනුන්..
කියා එද්දි අද මං, ආලේ බඳී අඟනුන්..

ගීතය මෙතනින්.. https://youtu.be/zv2SiwkJTAw

Comments

  1. මමත් කැමති ගීතයක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මේ පැත්තට ගොඩ වෙලා යන්න ආවට.. මාත් කැමතිම ගීතයක්..

      Delete
  2. අහන්න ඕනේ... ස්තූතියි ඔත්තුවට

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම අහන්නකො අක්කේ.

      Delete
  3. I absolutely love your blog and find the majority of your post's to be just what I'm looking for.
    Do you offer guest writers to write content for yourself?

    I wouldn't mind creating a post or elaborating on most of the subjects you write concerning here.
    Again, awesome weblog!

    prestamos personales ()

    ReplyDelete
    Replies
    1. Thanx for your encoencouragement. But I dont suppose to write here for guest writers still.

      Delete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. අනේ අක්කෙ සමාවෙන්න, වැරදිලා අයින් උනා. ඔයා කිව්වා හරි, මුදලට, බලයට ලොබ බඳින ගැහැණු ගැන කියවෙනවා වගේ තමයි. ඒ ගැන හිතුනේ ඔයා කිව්වම. මාත් ඒ අදහස එක්ක සිංදුවට තිබ්බ කැමැත්ත අඩු උනා වගෙයි. මං ඒකේ වෙනසට කැමති නිසයි කැමති වුනේ.. මාත් පියා මරා රජ කම ගන්නේමි කොටසට අකමැති හොඳටම. ඒක හරි සතුටෙන් කියනවා වගේනේ.. පුලුවන් නම් ආයේ කොමෙන්ටුව දාන්න වෙලාවක් තිබුනොත්.. සමා වෙන්න ඩිලිට් වුනාට

      Delete
    2. මෙන්න කමෙන්ට් එක :)

      මං මේ ගීතයේ රිද්මයට හරි ආසයි, යූ ටියුබ් ප්ලේ ලිස්ට් එකේ තියන සින්දුවක් මේක. නමුත් අදහසට නම් පොඩ්ඩක් වත් ආස නැහැ,
      මේකෙ කියන්නේ, බලයට මුදලට කොන්දේසි විරහිතව ලොබ බඳින ගෑණු හිත ගැන උපහාසයක් කියල මයි මට හිතෙන්නෙ.

      "පියාව මරල හරි කමක් නෑ රජ වුනොත්, ගෑණු වහ වැටෙනවා"

      මම එහෙම ගෑණියෙක් නෙවෙයි, එහෙම නැති ගෑණු ගොඩක් අයව මට එදිනෙදා මුණගැහෙනව. හැබැයි ඒකට කමක් නෑ, මෙලඩි එක ලස්සන නිසා මම ඔන්නොහෙ මේ සින්දුව අහනව.

      Delete
    3. ස්තූතියි මානවි..

      Delete
  5. thank you for ur encouraging words. its means so much. If u really entertaining what i am writing, it is so happy to hear that.

    ReplyDelete

Post a Comment

Popular Posts