විප්පයෝගය



කාල තරණයට අවැසි සවිය මේ මොහොත වන විට ජනිත වන්නේ අපේක්ෂාවෙන්ම බව පවසමි... නොඑසේ නම් මා විසින් අරුත් සුන් බලාපොරොත්තුවක වෙලී ගැලී හිඳිනූ වේ නම්, ඉක්මනින් ඔබ ඔබේ ගමනාන්තය සොයා ගන්න.. අනතුරුව එය මගේ දෘෂ්ටියට හසුවන මානයේ රඳවන්න.. සියල් අවසානයේ මා විසින්ම දුර්ධර යථාර්ථය එනම්, මගේ ඔබේ ප්‍රේමය තිත වැටී හමාර බව, අව්‍යාජයක් බවම ප්‍රේමය නම් හතරැස් කොටුවෙන් පිටමංව අරුත් වටහා ගනු ඇත. 

නෙත් වලට හසුවන්න අවැසි මොහොතක ඔබේ සිනහව ඡායාරූපයකින් දැක හිත සනසා ගනිමින්,නුඹෙ හඬ අවැසි මොහොතක ඉවසමින් ඔබෙන් ගිලිහුණ ආදරය ගැබ්ව පැවතුණු වදන් පවා මතක් කරමින්, සැනහෙමි... ආදරයේ පාරිශුද්ධභාවයට කිසිඳු කිලුටක් නොකරමින්, පෙම්වතියක්ව නොව, භාර්‍යාවක් සිය ස්වාමිභක්තියෙන් කටයුතුකරන්නා සේ කටයුතු කරමින් ගෙවු අට වසරක ජීවිතය නිමවෙමින් තිබෙන බව කෙලෙස පිලිගනිම් දැයි නිනව් නැත. එය අ‍තිශය වේදනාකාරී වනු ඇත.

මියෙනු හැකි නම් මියෙන්නට, සිහි විකල්ව හරින්නට හැකි නම් එලෙස වන්නට පතමි. ඔබ ඔබේ විශ්වය සොයා යාමෙන් අනතුරුව මගේ පථයෙන් බැහැර වූ වග දැන ශේෂ වන්නා වූ දොම්නස සෑම තත්පරයකදීම මා දවා හළු කරවයි.. මෙලෙස අනලින් දැවෙමින් හුස්ම යදින්නා වූ ජීවිතය අතැර අග්නි පූජාවකට වුව මා සූදානමිනි. එය මට හුදෙක් සැනසීමක් වන්නේමය...

Comments

  1. "එපා යළි හමුවෙන්න ජීවිතේ ගමන් මඟ
    ඔබෙන් මට උරුම වූ වේදනා කඳුළු ගඟ
    හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ළඟ
    ඔබේ ජීවන සුවඳ අරන් අෑතට යන්න"
    -+++

    ReplyDelete
    Replies
    1. මගේ ලියැවිල්ලේ ප්‍රාර්ථනාව වෙනස් මේ කවියට වඩා..
      .
      රිදුමද ප්‍රේමයකි..
      නොරිදෙනා කල රිදව ගනිමින්
      ප්‍රේමයේ කවිය ගොතනෙම්.....

      Delete
  2. "එපා යළි හමුවෙන්න ජීවිතේ ගමන් මඟ
    ඔබෙන් මට උරුම වූ වේදනා කඳුළු ගඟ
    හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ළඟ
    ඔබේ ජීවන සුවඳ අරන් අෑතට යන්න"
    +++++

    ReplyDelete
  3. හ්ම්ම්... හ්ම්ම්...

    ලියන්න.. තව ලියන්න.. කාලතරණයට ලියන්න

    ReplyDelete
  4. අරූට මේ දවස්වල ආච්චි වැහිල වගේනේ ..ලියනව ලියනවා... හි හී... හැබැයි මරු ...

    ReplyDelete
    Replies
    1. මේක මගේ සීසන් එකද කොහෙද... හී හී...

      Delete
  5. ශා ... මේක පට්ට . 🤗

    ReplyDelete

Post a Comment

Popular Posts