අනාගත දුක්ඛය..



කොත පැලඳි ඉඩෝරෙක
හරිත වන වියැලී කතරව
යදී, මියැදෙන තුරු ලතාවෝ
දිවිය නොමැරි පවතින්න

විල්පත්තු නම මියැද
සිල්ගත්තු උන් නැගිට
වෘක්ෂලතාවන් ඉදිර
හෙලයි අවසන් හුස්මම

ලකඹර හරිත පැහැයම
දූලී පැහැයෙන් බොරව
නෙත් සියල්  අඳ කරව
යදී හුස්මක් නුදුරව

මුදල්ව පිරුණ මුත් පුස්තක
වුවත් කෙතරම් පොහොසතක
ඔක්සිජන් මුදලටත් අයැදුවද
ඉතිරිවේවිද නිමල වාතය

සිඳි වියැලී උල්පත් දියර
පිපාසය සිඳින්නට ඉතිරි මුහුදු දිය පමණය කෙතරම්ම පිරුණත් කාසි
පිරේවිද වැව් පිරිසිඳු ජලයෙන.

Comments

  1. සොබාදම් දේවමාතාවගේ අදෝනාවද මේ ......

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්...තව අවුරුදු දහයක් විතර යද්දී ලෝක විනාසය දැක ගන්න පුලුවන් වෙයි, දවසින් දවස...

      Delete
    2. Alexandria Ocasio-Cortez ගෙ නෑදෑයෙක්ද?

      Delete
    3. Alexandria Cortex එක්ක මගේ කොම්නෙට් එකේ හරි කවියේ හරි සම්බන්ධෙ මොකද්ද ඉයන් අන්කල්...

      Delete

Post a Comment

Popular Posts