ප්‍රේමයේ අමෘතය

සෙනෙහසක අමයුරේ
පැටලී පැටලී හිඳ
රාගයක සේලයේ 
වැතිරී වැතිරී සිප

සනසන නෙතින් පා සිඹ
නෙතඟක නෙතින් විඳ විඳ 
මෝහයද ප්‍රේමයද වෙන් කර
හඳුනා නොගත් පැරදුම
කොපමණත් හද පෑරුන
නොසිතෙයි පෙමම සෘණ බව

අහසත් උසට නැග නැග
හදවත් රෝග උත්සනව
ප්‍රේමයේ පැරදුමක් ලොව
කොහේ වේවිද සබඳ

කැකුලකට වෙර පිපෙන්නට
විහඟක පැතුමත් ඉගිලෙන්නට
වියැලි පතක හිත පියඹන්නට
ප්‍රේමයක අදිටන පිදෙන්නට

තරහකුඳු, වෛරයකුඳු නොවී ශේෂව.
ප්‍රේමයම පමණකුඳු පිපෙන
එලෙසයි සබඳ 
රිදුන මුදු ප්‍රේමය..

Comments

  1. තරහකුඳු, වෛරයකුඳු නොවී ශේෂව.
    ප්‍රේමයම පමණකුඳු පිපෙන
    එලෙසයි සබඳ
    රිදුන මුදු ප්‍රේමය.

    hmm hmm

    ReplyDelete
    Replies
    1. කවුරු නාවත් අක්කා එනවනේ මේ පැත්තේ..

      Delete
  2. ඝණ ප්‍රේමය . අළුත් වගේ හරියට

    ReplyDelete

Post a Comment

Popular Posts