හිමිකම
විසල් රුකක එතුනා ලිය මඬුලු වෙමී.
සුළං ඇවිත් කරවන දඟකම් සැහැසි.
විසල් තුරු අතින් අල්ලා ගෙන පැහැදි.
කෙලෙස් නසනු කෙලෙසින් දුක් භව නැවති.
ආ මඟ දිගේ වැටුනා මල් මතක වැහි.
සුළඟෙ නුඹද තතු කිව යුතු බවත් දනී.
හිත තෙත වැඩී ඒ හන්දද දුකම වැඩී.
කවියෙන් දවන්නේ වෙන් වූ පෙමක ගිනි.
නැව් බඳ වටා ඇත රැලි එකිනෙකම හැපී.
හැපී බිඳෙන රැලි තරමට නොහේ රිදී.
නැව නොනැවතී ගමනේ යා යුතුය රැඳී.
ලතෙත් හිතට කෙලෙසක දුක දරනු හැකී.
රුකකට නොහේ කුණාටුවක් දරනු හැකී
ලතා මඬුලු නොනැමී ඇත බඳේ වෙලී
සැඩ සුළඟට වැටෙනා නුඹ සමඟ රැඳි
නැගී සිටිය හැකිමද වැල් මඬුලු පෙවී.
ප්‍රේමය මැවුනේ මුදුන් මුලක මුල් පීදී
නොම තැවෙනා ප්‍රේමය දළු ලා දිලිහි.
නුඹ සිහි නොවෙන තත්පරවත් නැතිය හිමි.
හිමිකම් නැති වුවත්, හිමිකම නුඹය හිමි.
නෞකා. සයුර කළඹා. දියඹෙ ඇදෙනා. වෙරළ නොබලා.
ReplyDeleteතව නැද්දෝ...
Deleteඅම්මෝ එක..... නියමයි නියමයි
ReplyDeleteඅක්කා මේක කලින් කියෙව්වනේ..🤗🤗🤗
Delete