විකාර ජීවිත මිස කවි නොවේ....

"කවි විකාරයක්..."
ඔයා කිව්වේ එහෙම.
ඒත් මේ ආදරෙන් රිදෙන හිත හදා ගන්න තිබුන එකම ක්‍රමය කවි ලියන එක කියලා කියන්න මට පුලුවන්කමක් තිබ්බේ නෑ. අහස වගේ වෙනස් වෙන හිතකට ආදරේ කරලා පොලව වගේ දුක උහුලන්න දැන් මට හුරුයි.
කඳුලු කැට එක දෙක නොගලනවා නෙවෙයි. ඒත් ඒවා කාටවත් නොපෙනෙන්න රහසින් ලේන්සුවෙන් පිහදාලා හිනා වෙවි ඉන්නවා.

"කවි ලියන හිත්
හරිම සුසුදුයි....."
ඔබ කිව්වේ එලෙස නොවේ..
ඒත් ඒ හිත් සියුමැලියි.
අව්‍යාජයි.

"කවි හිත් මහ කුරිරුයි.
වචන හරි තියුනුයි.
හිත් පතුලටම 
කිනිසි පහර එල්ල කර
නොදන්නා ලෙස හිඳින හැටි 
පුදුමයි....
හරිම පුදුමයි...."

නොනිදනා නගරයේ මට නිදන්න අවැසි වුව, හැකියාවක් නැත්තේ ඔබ නිසා බව කෙලෙස පවසන්නදැයි නොදන්නෙමි.
ප්‍රේමය වන්දනාවක් කොට මා ඔබට වන්දනා කලේ මගේ හද බැතිනි. නමුදු ඔබේ සසල සිත එකෙනෙහිම සසල වී මසිත රිදවා හුරු කරන්නට තරම් නිර්ලජ්ජිත වුයේ කෙලෙසදැයි නොදන්නෙමි. ඊටත් වෙනස්වෙන වෙනස් වෙන වාරයක් පාසා මමම ඔබට සමාව දෙන්න හුරුවීම ඊටත් වඩා නිර්ලජ්ජිත නොවන්නේදැයි මට පිලිතුරු නැති පැනයකි. පෙම් කරන්න පෙම් කරන්න සමාවත්, නික්මයෑමත් ඔබම පවරා ගත්තා නොවේදැයි මම නොඅසමි. ප්‍රේමය අන්ධකාර තාරකාවකි. ඔබ ඒ තාරකාව හිමි අහස් ගව්වයි.

අන් ළඳුන්ට හිමිවන සන්තාපය සේ මට ඔබ මා ඇසුරු කලේ හුදෙක් ඔබේ සන්තුෂ්ටියට නොවන වග ඉතා හොඳින් මා නොදන්නවා නොවේ. ඔබ මා කිසි දිනෙක යහනට නොගත්තේ ඔබේ වූ බෝසත් බව නිසා බැව් මම දනිමි. මා තුරුලු කර නොසැහෙන්න ආදරය කල ඒ ආදරයෙන් මා අමන්දානන්දයට පත් කල මගේ වස්තුව ඔබයි. ඔබ කෙසේ මා රිදවූද, මසිත කිසිඳු තරහක්, ක්‍රෝධයක් ඔබ පිළිබඳ නොවේ. රිදුන විගස තරහක් පැමිණියද මට එක් ක්ෂණයෙන් එම තරහා අමතකව යන බැව් ඔබද නොදන්නවා නොවේ. ඉදින් සත්තකින්ම මට මේ ආදරය වැලලීමට නොහැකියි..
මා කවිකාරියක් කල ඔබේ ආදරය, විසින් ආදරය අමරණීය කරන්නට තරම් කවි පැබැඳිලා...
කවි පුලුස්සන්න 
එන්න පෙම්වත
මේ රිදෙන කවි
ඔබව රිදවන කවි....

ඔබ ආවේ ප්‍රේමය රැගෙනය. ගියේද ප්‍රේමය රැගෙනය.. ඉතිරි කලේ මතකය පමණය. ඉදින් මා දිනෙක මතකයෙන් ගිලිහෙමි.
+++++++++++++++++++++++++++++++

වර්ෂ කිහිපයක් ගත කල හුදෙකලා දිවියට තිත තබන්නට දෙමව්පියන්ගේ බලකිරීම මත මම කැමැත්ත ප්‍රකාශ කලෙමි.
මනාලයා පැමිණීමට පෙරම මා කැමැත්ත පල කලේ ප්‍රේමය මිය ගිය හිතට බලාපොරොත්තු නැති බැවිනි.. මම බුලත් හෙප්පුව ගෙන ගියද මනාලයාගේ වත දෙස නොබැලුවෙමි. ලැබෙන දේ මම පිලිගනිමි.
ඉදින් පෝරුවට නැගීමට ප්‍රථම වුව මට කුහුලෙන් ඔහු දෙස බලන්නට නුවමනා විය. මා දෙමාපිය ආශිර්වාද මධ්‍යයේ පෝරු මත්සකය මත නැගීමේ මොහොත උදා විය.
අසිරිමත්ද දුක්බරිතද යැයි පැහැදිය නොහැකි තුෂ්නිම්භූත වූ අහම්බයක් සිදුවිනි. ඒ අහම්බය ඔහුගේ මුහුන දැකීමයි.
විශ්වාස කරන්න..
ඒ ඔහුය..
වසර ගණනක් මා ප්‍රේම කල,
ප්‍රේමය බිඳ පලා ගිය ඔහුය..

ඔබ පැමිණීම අහම්බයන් සේ ආයේ පැමිණියේ අහම්බෙනි.
ආදරය පුද දී රැගෙන ගිය ඔබ දෙවන වතාවට ආවේ විවාහයක් ගෙනය.
මම කිවයුත්තේ කුමක්දැයි නොදැන සිටියෙමි.

පෙම්වත..
බිඳුනු ප්‍රේමය ආයෙත් දලුලන්න
ඉදින් පැන් පොදක්වත් ඉහිමු....
කවි වලින් පැන් පොදක් ඉහිමු...

කවි විකාරයක් කියු නුඹ,
මා හා ඉහින්න පැන් පොදක් කවි වලින්...
ප්‍රේමය ඇවැසි දලුලන්න..

Comments

  1. ලස්සන නිර්මාණයක් අරූ.

    දිවියක් ළඟින් සිටි ප්‍රියයෙක් දුරස්වෙලා
    සවියක් නොදී ගිය විටකදි හැර දමලා
    අවියක් වෙවී තනි මා සිත දිරිය වෙලා
    කවියක් එදා හැඩ වැටුණා කඳුලු සලා....

    අරූගේ සටහන කියවද්දී මගේ අතීතය මතක් වුණා. එදා දැණුනු වේදනාව විඳ ගැනීමට මමත් කෙරුවේ කවියක් කුරුටුගාපු එකයි.

    ජයවේවා!!!

    ReplyDelete
  2. තනිකඩ මම මේක කියවල මටම හිනාවුන...

    එල එල

    ReplyDelete
    Replies
    1. හී හී.. එක තමා... ස්තූතියි තරිඳු

      Delete
  3. ලියවිල්ලෙ පොඩි වෙනසක් තියෙනවා අරුශි.හදිස්සියට ලියපු එකක් වගේ(අනේ මන්දා මේ මට හිතෙන විදිය)

    ReplyDelete
    Replies
    1. ඔව්.. හදිස්සියේ ලිව්වේ... මං සතුටුත් නැහැ... ආයේ එහෙම කරන් නෑ

      Delete
  4. කෝ බන් මන් දාපු කමෙන්ට්

    ReplyDelete
  5. විරහව අකුරු වෙද්දී හරි ලස්සනයි .. එත් .. ඇත්ත ජීවිතේ මේ තරම් සුන්දර නැහැ කියන හිත පිළිගන්න කාලයක් ගියා ..

    ReplyDelete
    Replies
    1. ජීවිතයේ වැඩිපුර තියෙන්නෙ නොලැබීම් කියලා අහලා තියනවද ධනු.. හැම දෙයක්ම අනිත්‍යයි කියලා බුදු දහමේ වුනත් කියන්නේ ඒකනේ..

      Delete

Post a Comment

හුඟක් අය බලපුවා