කවුරුද නුඹ?




පාළු විඩාබර සීත නිශායම 
උණුසුම් පහසක් තුරු අතරින් ගෙන
මගෙ නෙත් පියවෙන ලා අඩ නින්දට
සුවයක් ගෙනවිත් හීන පලසකට

අරා නුබ ගැබට සරා සඳක්වම
භද්‍ර යෞවනයේ හැඟුම් වැසි මැද
නිසලව හිඳි හිත අතගා හෙමිහිට
කවුද කියනු මැන නාඳුනනා නුඹ

සිහිල් පැන් පොදක පහස හැඳින හද
නිවා මහද ඉහිලූ මහ ගින්දර
නුඹේ මුදු අතැඟිලිමගෙ හිස මත දිව
ගෙනෙනා පහසින් ඇහැරෙයි හදවත

ආදරයක් සෙනෙහසක්‍ ය නොමියෙන
කෙලෙසක කීවත් හැඟේය මහදට
හැබැහින් විඳවමි ලෞකික සොම්නස
රැඳෙන්න ඉඩ දෙනු මියෙනතෙක්ම මට

හෙමිහිට මුමුණන ආදර වදනක
ඇති මහ සෙනෙහස විඳිනෙමි නිහඬව
දොඩමළු වී මා නුඹ හා හෙමිහිට
ගිල්වමි නුඹවම ආදර සිඳු තුල

සුරතල් වෙන්නට ආසයි නුඹේ ළඟ
හොවනෙමි හිස නුඹේ ළය මත හෙමිහිට
මගේ සුසුමන් හැම අමතක කරවන
නුඹ කවුරුද මගේ හදවත පැහැරුව?


Comments

  1. අපූරුයි අරූ. දෙවෙනි කවියේ දෙවෙනි පේළියේ තාල ගැළපුම ටිකක් මදි වගේ නේද ? ඒත් රසයේ අඩුවක් නෑ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔය කවිය පරණයි.. මං ඒලෙවල් කාලේ ලිව්ව එකක්... ස්තූතියි...

      Delete
    2. Parana wayin ganan kiyanawane
      Jaya wewaa !!!

      Delete
    3. තුති! ඔබටත් ජය වේවා

      Delete
  2. භද්‍ර යෞවනයේ ආදරය ගැන හරි අපුරු කවියක්. ජයවේවා... !!!

    ReplyDelete
    Replies
    1. තුති!!! මගේ පිලොසොෆිය

      Delete

Post a Comment

හුඟක් අය බලපුවා