ප්‍රේමයක් අබියස...
ඇත්ත! ඔබට තිබුනේ අමුතුම මාන්නයක්..
ඒත් මගේ පණ්ඩිත කම ඒ මාන්නේ අබියසදී දිය වුනේ හිමකිරමක් දවල් දොලහ කනිසමට පිච්චෙන අව්වට වැදිලා වගේ...
ඔයාට වුවමනා වුනේ මගේ සතුට.. ඒත් මගේ සතුට ඔයා ළඟ බව ඔයාට මතක නැති වුනා.. හැමදේම ඉක්මන් වෙන්න ඕන නැහැ.. හැමදේම පරක්කු වෙලා හරි හොඳට තිබුනම ඇති... මට වුවමනා වුනේ එහෙම...
අපි ජීවිතය හඹා ගියා, මා සතුටින් තැබීමට ඔබ සතුටින් යැයි පෙන්වීමටත්, ඔබ සතුටින් තැබීමට මට සතුටින් යැයි රඟන්නත් සිදු වුනා..
කාලයේ නියමයෙන් අපි අපිට දඬුවම් දුන්නා...
ඒත් අපිට අපේ හිත්, ප්‍රේමය යට කරමින් මහ ජනී ගංගාව හා එකත් පසව ගලන්නට සිද්ධ වුනා..
ඒක ඔබේ වැරැද්ද තනිකරම... මාව තනි කරපු එක.. ඔබ සිතුවා මං වෙන විවාහයක් කරගනී කියලා.. මං හිතුවා ඔබ වෙන විවාහයක් කර ගනී කියලා.. අපි වෙන් වෙන් වශයෙන් අපේ විවාහ දෙස බලන් උන්නා.
අන්තිමට අපිට අපි නැති වුනා.. දැන් අවුරුදු කීයක් ගෙවිලද....
ඒත් සිදු වුනේ අපිට අපි නැති වුන එක විතරද, ඒ කාලය... ආයේ ගන්න බැහැ... අපිටම කියලා අපේ රුහිරයෙන් කලලයක් නිර්මාණය කරන්න බැහැ.. අපි දැන් වයසයි. ඔව්... හුඟක් වයසයි.. ඒත් අපිට පුලුවන් මැරෙන්න තියන පුංචි කාලයේ තුරුල් වෙලා ඉන්න...
ඒත් දැන් මං පතන එකම දෙය, අපේ හුස්ම එකම වෙලාවකදි සිඳෙන්න කියලා...
ඔව්..!!! එතකොට ඔයාටත්, මටත් දුකක් නැතුව මේ අවසාන කාලය ගෙවන්න පුලුවන්... අපි ඊළඟ බවයෙදි හරි හුඟක් කල් එකට ජීවත් වෙන්න පතමු.. අඩුම තරමේ අවුරුදු විස්සක්වත්....
අමුතුම රසයක්. අමුතුම තාලයක්. ලස්සනයි.
ReplyDeleteජයවේවා!!!
ස්තූතියි දුමී
Delete