රාත්‍රී වැඩ මුරයේදී..

"සීතයි අද.."
ඔබ කියනකොට ජංගමයෙන් 
හිත හිරිවැටේ...
නොදැනීම මටත්,
මේ මහ රෑ යම,
මැවෙනවා, 
නුඹ මට කිටි කිටියේ තුරුල් වෙනවා,,

නොනිඳා මේ පහන් කරන යම,
නුඹේ රස බත් පිඬ කිස.
ඇත්තමයි පාලුයි මට,, 
නුඹ තනිව වග දැනම බයයි මට...

Comments

Post a Comment