හමුවීම...


අවසාන වතාවට සියලු දේ
නොනිමි යැයි හිතෙනු ඇත.
ඔබේ සනහස මැවී බොඳව
මගේ මුවග අපහසුවෙන් දිලෙනු ඇත.

අසල හිඳිනා හෙදියකට
මියැන මොහොතෙත් හිනැහෙන
රෝගියෙකු දක්නට හැකි වනු ඇත.
එතැන සිට මා නුඹේය..

වනපස මල් පොඩිව
අතු රිකිලි බිඳව
පාවෙනා මාවත අබිමුව
නුඹ මා එන තෙක් ඉසිඹුලනු ඇත..

නුඹ මට කලියෙන් ගිය ගමන
මා වසර ගණනක් පතමින් බලාහිඳ
පැමිණෙනු ඇත...
නොකී පෙම කියාගන්නට නොහී
ආයෙත්ම තැවෙනු ඇත..

මෙතරම් කල් නුඹ තනිව ගෙව්වාට
සමාව අයදිමින් මා 
නුඹේ දෙතොල් මල් මත
හාදු තවරනු ඇත.

ප්‍රේමය ප්‍රේමයෙන්ම අවසන් වනු ඇත...

4 comments:

  1. ලෙඩුන්ට කිස් දෙන නර්ස් කෙනෙක්ද?

    ReplyDelete
  2. හෑං... ඒ මොකද්ද ඒ 🤣

    ReplyDelete
  3. නොකී පෙම කියාගන්නට නොහී තැවුණු සිතින් පෙම් කර පෙම්වතුන් කොතෙක් නම් ඇතිද ?

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete

තනිකමක් තියා නොතියාම  ඔබ ගියා වුව මතක එලියකි. රිද්දා නොරිද්දාම  හද කොනිති ගැසුවට එයද සුවයකි. පෙමක් අහිමිව යන්නේ කෙලෙසක ණයට දීමක්...