Raazi සමඟ කාශ්මීර ඉතිහාසය
මං කාවදාවත් නොලියපු වර්ගයේ ලිපියක් ලියන්නේ.. මොකද කියනවා නම් මේ කතා කරන මාතෘකාව තවමත් මගේ හිතේ භූමිකම්පා ඇති කරනවා...
ඒ තමයි Raazi කියන හින්දි ෆිල්ම් එක.
ඊට අමතරව කාශ්මීර අර්බුදය ගැනත් මේ ලිපියෙන් කතා කරනවා..
මං හුඟක්ම බලන්න කැමති හින්දි ෆිල්ම් නිසා, කාලෙකින් ෆිල්ම් එකක් බලන්න බැරිවුණ නිසාත්, සම්මාන ගත්ත චිත්‍රපට ලිස්ට් එක බැලුවා.. ඒකෙන් ෆෙයාර් සම්මාන ලිස්ට් එක දිහා බලලා අන්තිමට මං තීරනය කලා, 2018 වසර වෙනුවෙන් හොඳම නිලිය සම්මානය, ආලියා බාට්ට හිමි වුණ Raazi කියන ෆිල්ම් එක බලන්න.ඉතින් ෆෝන් එකෙන්ම නයිට් ඩේටා වලින් ඩවුන් වෙන්න දාලා Raazi ඩවුන් කරගත්තා..
හරින්ද්‍ර එස්. සික්කාගේ Calling Sehemath කියන නවකතාව පාදක කරගෙන පකිස්තානය හා ඉන්දියාව අතර උණුසුම වෙනුවෙන් සිය ජීවිතය කැප කරමින් ඉන්දියානු බුද්ධි අංශයට සේවය කළ තරුණියකගේ කතාවක් තමයි Raazi කියන ෆිල්ම් එකට පාදක වෙන්නේ...
ඉන්දියාව වෙනුවෙන් සේවය කිරීමට පකිස්තාන් තරුණයකු හා විවාහ වෙන සෙහෙමත් වීරවරියක් ලෙස සිය ඉන්දියාව වෙනුවෙන් ලබා දෙන සේවය ගැන මගේ හිතේ තියන දෙදරීම ඇත්තටම කියන්න වචන නැහැ...
යුද්ධයක ත්‍රස්තවාදයක තිබෙන කුරිරු බව ඉතාමත් හොඳින් තේරුම් කරනවන මේ චිත්‍රපටිය ඇත්තටම මට නම් වචන වලින් කියන්න බැරි තරම් අපූරුයි.
මේ දිනවලත් පැතිර යන කාශ්මීර් උණුසුම පිලිබඳ තේරුමක් ලබා ගන්නත් මේ චිත්‍රපටිය උදව් වෙනවා...
1947 බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා ගන්න මොහොමඩ් අලී ජින්නා පකිස්තානය බිහිකරනවා.... පකිස්තානය නිදහස දිනා ගැනීමෙන් පසුවයි ඉන්දියාවට නිදහස ලැබෙන්නේ...
කාශ්මීරය කියන ප්‍රදේශය පකිස්තානයට අයත් නොවන නිසා ඔවුන්ට කැමති රාජ්‍යයකට අයිති වීමේ අයිතියක් ඔවුන්ට හිමි වෙනවා.. කාශ්මිරය කියන කොටසේ ඉස්ලාම් ජනකාය වැඩි වශයෙන් හිටියත්, එහි ප්‍රාදේශීය පාලකයා ලෙස හුන්, හරී සිං නම් හින්දු මහාරාජවරයා පකිස්තානයට එක් නොවී ඉන්දියාවට එක් වීමට තීරණය කරනා නිසා අවසානයේදී කාශ්මීරය ඉන්දියාවට අයිති වෙනවා....
නමුත් කාශ්මීරය පකිස්තානයට ලබා ගන්න පකිස්තානයට අවශ්‍ය වෙනවා. ඒ නිසා 1947 සිට ප්‍රධාන යුද්ධ තුනකටත් අර්බුද ගණනාවකටත් කාශ්මීරය නිසා ඉන්දියාවත් පකිස්තානයත් එකිනෙකාට විරුද්ධව සටන් කරනවා...
පකිස්තානය නිදහස ලබා ගන්නේ 1947 අගොස්තු 14 දිනයි. ඉන්දියාව නිදහස ලබාගන්නේ එයින් දිනකට පසුව, එනම්.. , 1947 අගෝස්තු 15 දිනයි..
1947- 1948 කාලය
මෙන්න මේ කාල වකවානුවේදී තමයි, කාශ්මීරය වෙනුවෙන් ඉන්දියාව හා පකිස්තානය ප්‍රථම යුද්ධය ඇති වෙන්නේ... 1947 ඔක්තෝම්බර් 26 ඉන්දියන් හමුදාව කාශ්මීරයට පැමිණ සිය බලය තහවුරු කරගන්නවා.. නමුත් නැවත 1948 මැද භාගයේදී පකිස්තානය ඉන්දියාවට කාශ්මීරය වෙනුවෙන් පහර දෙනවා..
අවසානයේදී 1949 ජනවාරි 01 එක්සත් ජාතින්ගේ සංවිධානය මැදිහත්වීමක් නිසා ඉන්දියාව හා පකිස්තානය සටන් විරාමයකට අත්සන් කරනවා...
නමුත් මුල් කාශ්මීරයෙන් කොටසක් පකිස්තානයට අයිති වෙනවා.. ඒ කොටස හඳුන්වන්නේ අසාද් කාශ්මීරය කියලා..
1965 වසර
දෙවන කාශ්මීර යුද්ධය ඇතිවනේ 1965 වර්ශයේදී..
කාශ්මීරය හා රාම් ඕෆ් කුච් නම් වගුරු ප්‍රදේශය වෙනුවෙන් මෙම යුද්ධය ඇති වෙන්නේ..
එවකට නිරවි යුද්ධ වල හුන් සෝවියට් රුසියාව ඉන්දියාවටත්, හා ඇමරිකාව පකිස්තානයටත් සහය ලබා දෙනවා...
නමුත් මෙතනදිත් පකිස්තානය සිතුව තරම් සාර්ථකත්වයක් ලැබුනේ නැහැ...
නැවතත් එක්සත් ජාතින්ගේ සංවිධානය මැදිහත් වීමකින් සෝවියට් රුසියාවේ ටෂ්කන්ට් නගරයේදී 1966 ජනවාරි 10 දින "ටෂ්කෙන්ට් සම්මුතිය" අත්සන් කරමින් සටන් විරාමයකට මුල පුරනවා..
එම සමයේ ඉන්දියාවේ අගමැති ලාල් බහදූර් ශාස්ත්‍රී. ඔහු එම සම්මුතිය අත්සන් කල දිනට පසු දින මිය යනවා..
1971 වසර
1971 වසරේ ඉන්දියාව හා පකිස්තානය අතර ඇතිවන යුද්ධය කාශ්මීරය නිසා ඇතිවන්නක් නෙවෙයි.. එය එකල නැගෙනහිර පකිස්තානය ලෙස පැවති කොටසේ ඇති වූ නිදහස් ව්‍යාපාර හේතුවෙන් ඇතිවුන අර්බුදයක්.
පකිස්තානයේ එනම් නැගෙනහිර හා බටහිර කොටස් වල දේශපාලනමය වශයෙන් බලය තිබුණු පන්ජාබ් මුස්ලිම්වරුන්, නැගෙනහිර පකිස්තානයේ බහුතරය වූ බෙංගාලි මුස්ලිම්වරුන්ට එරෙහිව යටපත් කිරීමේ උත්සහයක් පැවතුණා..
එමනිසා 1960 සිට නැගෙනහිර පකිස්තානයේ නිදහස් ව්‍යාපාර ඇතිවුණ වගේම 1970 මහමැතිවරණයෙන් නැගෙනහිර පකිස්තානයේ අවාමි ලීගය ආසන 300න් 160ක්ම දිනාගනු ලබනවා.. එහි ප්‍රතිඵලයක් විදියට නායකයා වූ ශෙයිල් මුජිබර් රහමන් 1971 මාර්තු 26 දින නැගෙනහිර පකිස්තානයේ ස්වාධින බංගලිදේශයක් ප්‍රකාශයට පත් කරනවා.
මෙම නිදහස් ව්‍යාපාරයට පකිස්තානය කඩාකප්පල් කිරීම් කරනවා. එමඟින් වූ පකිස්තාන හමුදාමය ක්‍රියා ( ඝාතන, ස්ත්‍රී දූෂණ හා අත්අඩංගුවට පත් වීම්) හේතුවෙන් බංගලිදේශයේ වැසියන් සරණාගතයින් ලෙස ඉන්දියාවට සංක්‍රමණය වෙනවා. එම හේතුවෙන් ඉන්දියාව මැදිහත් වීමකින් 1971 දෙසැම්බර් මස තුන් වන දා සිට දහසයවන දින දක්වා ඉන්දියාව හා පකිස්තානය අතර නැවත යුද්ධයක් ඇති වෙනවා.. ලොන්ගෙවාලා සටනෙදී විශාල පකිස්තාන වැසියන් ඝාතනය වෙනවා වගේම 1971 දෙසැම්බර් 16 දින පකිස්තානය ඉන්දියාවට යටත් වීමට සිදු වෙනවා.
ඉන් පස්සේ තමයි, බංගලාදේශය නැමති රාජ්‍යය බිහිවීම සිදුවෙන්නේ..
කාශ්මීරයේ වර්තමාන තත්වය වන විට මුල් කාශ්මීරයෙන්
55% - ඉන්දියාවට
30% - පකිස්තානයට
15% - චීනයට හිමි වෙන්නේ...
ඉන්දියන් කාශ්මීර කොටසට, පසුගියදා ප්‍රකාශයට පත් කල ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 390 වගන්තිය ඉවත් කිරීම නිසා එහි වූ විශේෂ බලතල ඉවත් වීම සිදුවුණා.. එය ඔක්තෝම්බර් 31 සිට ක්‍රියාත්මක වෙනවා..
එමඟින් වෙනම ධජයක් තිබුණ කාශ්මීරයට එම බලතලය අහිමිව යනවා.
එසේම ප්‍රාන්තයක් ලෙස තිබුණ බලතල අහිමිව ඉන්දියාවේ මධ්‍යම රජය මඟින් පාලනය වන යූනියන් ටෙරටරි එකක් ලෙස පාලන කටයුතු සිදුවෙනවා..
ඒවගේම කාශ්මීරයට ඉන්දියාවේ ව්‍යවස්ථාව යටතේ පැවතිමටත්, ඉන්දියානු මධ්‍යම රජයේ නීති වලට අවනත වීමටත් සිදුවන වගේම පෙර තිබු ප්‍රාන්තයෙන් පිටත පුද්ගලයින්ට කාශ්මීරයේ ඉඩම් මිලදී ගැනීමේ නොහැකියාවද මඟ හැරී යනවා...
මෙම වෙනස්කම නිසා ඉන්දියාවේ වූ 29 වන ප්‍රාන්ත ගණන 28 දක්වාත්, 7 ක් ලෙස පැවති යූනියන් ටෙරටරි ගණන 9 දක්වාත් දැන් වෙනස් වෙනවා.....
ඉතින් මේ Raazi කියන ෆිල්ම් එකෙන් කියවෙන්නේ 1971 යුද්ධය පිලිබඳව වුණත් එම චිත්‍රපටියෙන් ගැඹුරින් ඓතිහාසික තොරතුරු ප්‍රකාශ වෙන් නැහැ.. මං ඉන්දියාව හා පකිස්තානයේ අර්බුද පිලිබඳ ඉතිහාසය කෙටියෙන් කතා කලේ කැමති කෙනෙක්ට අදහසක් ගන්න....
ඔන්න ඉතිහාසයත් එක්ක Raazi ෆිල්ම් එක බලන්න ඔයාලට ආරාධනා කරනවා...
මෙවන් ලිපි තව තවත් ලියන්න. ලෝකයේ සිදුවන සහ සිදුවුන දේවල් බොහොමයක් ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. මෙවන් ලිපි වලින් එම කුතුහලය ඇතිකරනවා. ලිපි දෙක තුනකට එකක්වත් මේවා ලියන්න. ඒ සඳහා කලා යුතු කියවීම ඔබටත් ලොකු යහපතක් වේවි.
ReplyDeleteලිපි ලියන්න කම්මැලි ඉයන් අංකල්... කොහොම වුණත් මං ලියන්න බලන්නම්... තව කිහිපයක්...
Deleteඇත්තටම මොහොමඩ් අල් ජින්නා ඉන්දියාව දෙකඩ කර මුස්ලිම් රටක් ඉල්ලා සිටීමට අවුරුදු දෙකකට පෙර රාමසාමි නැමැති කෙනෙක් ඉන්දියාවේ පහල කොටස සහ ලංකාවේ ඉහල කොටස එක් කර තමිල්නාඩුව නමින් වෙනම රටක් ඉලා සිටියා. රාමසාමි සහ ජින්නා ඔවුනොවුන්ගේ ඉල්ලීම් වලට සහයෝගය දක්වන්න එකඟ වෙලා තිබ්බා. බ්‍රිතාන්‍යයන් හැරයාන විට මුස්ලිම් රට ලබා දුන්නත් දෙමල රට ලබා දුන්නේ නැහැ. මේ ගැන මම පෝස්ට් 3 ක් ලියා තිබෙනවා. පලමුවෙනි එක මෙතන
ReplyDeleteස්තූතියි ඉයන් අංකල්... මං කියවන්නම් ලිපිය. මං රාමසාමි ගැන කතාව අහලා තිබුනේ නැහැ....
Deleteනොදන්නා දෙයක් දැනගත්තා ස්තූතියි අරු....
ReplyDeleteස්තූතියි අයියේ මේ පැත්තට ගොඩ වෙලා යන්න පැමිණියට...
Deleteගොඩක් ස්තූතියි. ෆිල්ම් එක ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා. ඒ වගේම මේ ඓතිහාසික කෙටි සටහනටත් ගොඩක් ස්තූතියි...
ReplyDeleteෆිල්ම් එක බලන්න.. හරිම ලස්සනයි...
Deleteබලන්න ගත්තා (කොටස් වශයෙන්...)
Deleteවටිනා කියන ලිපියක් . ඉතිහාස කරුණු පිළිවෙලට මනාව සටහන් කරලා තියෙනවා .
ReplyDeleteමම මුලින් හිතුවේ Raazi කියන හින්දි ෆිල්ම් එකේ පසු විපරමක් දෝ කියලා . පසුව තමයි තේරුම් ගියේ ඊට එහා ගිය ලිපියක් කියලා .
මේ විදිය හොදයි .
දිගටම ලියමු . (එත් එහෙම කියන්න මට අයිතියක් නෑ , මොකද මම එහෙම නොකරන නිසා . :D හේ හේ හේ )
රෝස පාට කොටස තමා රාසි ගැන තියෙන්නේ... අනික් ඔක්කොම ඉතිහාසය... 🤗🤗 ස්තූතියි අයියේ ..
Delete