රිදුම



රිදුම් දෙන කේෂනාලිකා මත විස්කි දිය කර හරිමි.
සිහින පුලුස්සන නිකොටීන් ගර්ථ මත තවරමි.
ඔබව දකින්නට රිසි වෙමි.
මතට හා දුමට මොහොතකට ඉබියතුරු දමමි.
ඔබේ තොල්පෙති මත තැවරෙන සිහිනයක් දකිමි.
සිහිනයේ සැරිසරමි.

ආයේ මොහොතක් නැවතෙමි.
නැවත ආශාව යටපත් කර නිකොටීන් සිහිනයෙම වෙලෙමි. ගර්ථ මත එලමි.
ඔබව නිදහස් කර හරිමි.

ඔබව මතක් වී හිටි හැටියේ හඬමි.
දුම්බටේ උණුහුමින් නෙත් දියර වියලමි.
විස්කි වල රහ මැදින් හද රිදුම් දිය කර හරිමි.
ඔබව මතකයේ මතකයෙන් නෙරපමි.

සිහිනෙන් ඔබේ තොල්පෙති මත ඇවිද යමි.
තොල්පෙති සායම් දිය කර හරිමි.
විඩාපත් ඔබේ ප්‍රේමයේ මගේ ගිනිසිළුව දවමි.
ඔබව පුලුස්සමි.
තහනම් ඔබව අතහැර සිගැරෙට්ටු දල්වමි.
මමම පිලිස්සෙමි.

මගේ කෙඳිරිලි ශබ්දයන් නොඇසෙන්න මගේ ස්වර තන්ත්‍ර කීතු කීතු කර ඉරාලමි.
දුක හේදී යන්න කවි කීපයක් කුරුටු ගාමි. ඒ කඩදහි පුලුස්සමි. ඔබෙන් සඟවමි.

ඔබ ඒන නොඑන දෙගිඩියාවෙන් පෙලෙමි.
ආවත් නොආවත් ආදරේ සුරක්ෂිත හද පතුලටම කර තබමි.
නැතහොත් නිකොටීන් කේශ නාලිකා වල එලා සමුගනිමි.


Comments

  1. දුක් සීන් විතරද?

    ReplyDelete
    Replies
    1. හුඟක් දැනෙන්නේ දුක නේද සතුටට වඩා?දුකින් මිදෙන්න නම් හුඟක් කල් තියෙනවානේ.. ^_^

      Delete
  2. රජයේ අවවාදයයි
    දුම්බීම පිළිකා ඇති කරයි

    ReplyDelete
  3. රස්තියාදුකාරයෙක් පාර කිව්වේ මේ පැත්තට දැන්නම් හදිස්සියේ ආවේ පහුවෙලා ඇවිත් හිමින් සීරුවේ කියවන්නම් හොදේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සොඳුරු සඳවතී මේ පැත්තට පැමිනියට... නිවිහැනහිල්ලේ කතා එහෙම කියවන්නකෝ ආයේ ඇවිත්..

      Delete
  4. අපූරුයි අරූ..... අකුරු පොඩි වැඩියි වගේ හිතෙනවා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුුමී... මං වෙනස් කරන්නම්.. ^_^

      Delete

Post a Comment

Popular Posts