නොහිතා ඉන්න හිතයි.
හිත හිතා ඉන්නවට වඩා.
අසෙනි මහ වැසි වැටෙයි
මේ උග්‍ර ග්‍රීෂ්මයේදිත්.
ඔබ නාවේ ඇයි හිත අසයි.

අසෙනියක් වෙලා හෝ 
ඇද වැටෙනු'යි අයදිමි..
ඔබෙන් එකම එක වරක්.
මේ භවේදී පමණක්වත්..

මතක මල් පෙති 
නොදවටමි, මේ කඩා හැලෙන අසිනි වැස්සක, ඇද හැලී  ගසාගෙන යන්න..
කවියක දියකරලමි.
ප්‍රේමයේ උත්කෘෂ්ට වේදනාව විඳින්න..

Comments

Post a Comment