ආදරය කියන්නේ පාවෙනා තරුවකටය.
කළු වලා මධ්‍යයේ හිනා වෙන
රන් නෙතින් සැර විදා කොනිත්තන
උඩඟුවෙන් සිලි සිලියේ නොහික්මුණ
ආදරය කියන්නේ බැබලෙන තරුවක් ය..
එකෙනෙහිම තාරකා දැවෙන සුළුය
හිතුවක්කාරකමට නෑ කිසිත් පහදන්න.
රත් වෙනවා ඇති පදම නොදැනම
ආවේශව අනේකවර වෙසෙසින.
ගිනි ගෙන දැවෙන සඳ තාරකාව
මෙදියතට බහිනවා උල්කාශ්මයක්ව
පුපුරන හඬ නොඇසුනද
විසල්ව බැබලෙන්නේ ආදරයය.
ආදරය හොයන්නට දුර යන්න පුළුවන්ද
ReplyDeleteආදරය හතර පද සිසිලයිද උණුහුම්ද
ආදරය විරහ දුක විඳගන්න පුළුවන්ද
ආදරය කියන්නෙම බැබළෙනා තරුවක්ද
ජයවේවා!!!
ලස්සන කවියක්.. ස්තූතියි අදහසට..
Delete//ආදරය කියන්නේ බැබලෙන තරුවක් ය..//
ReplyDeleteඒ ආදරේ ලබන්න පිනැති චන්ද්‍රයා කවුද එතකොට?.. හේ හේ.. ලස්සන අදහසක්.
කල්‍යාණ මිත්‍ර, ඒ චන්ද්‍රයා කවුරුද මං දන්නෙත් නෑ... ස්තූතියි ගොඩ වුනාට මේ පැත්තට.. ආයේ එන්නකො... ස්තූතියි
ReplyDeleteආදරය එහෙමයි
ReplyDeleteකවිය ලස්සනයි
ආදරය එහෙමය.... ^_^ ^_^
Deleteවිසිරි ආයේ මේ පැත්තට ගොඩ වුනාට ස්තූතියි..