ඉරිදා දේව මෙහෙය අතරතුර
ඔබ හොරැහින් බලන වර
මා අපහසුවෙන් ගණනය කල
තිගැස්සිම් ගණන අතලොස්සකි.

මන්ද නොඅසනු සබඳ
ඒ අතලොස්සක වෙනස
ඔබ හොරැහින් බැලු ගණන
දහසක් ඉක්මවන සඳ

වෙහෙසයි මට ඔබේ සලකුණු
හුරු වුනේ වේගයෙන් ඔබට
අල්තාරය අබියස හිඳ යටසින් වන වැනුම
දෙවියන්ටත් හොරෙන් පියාපත් අත් හරින

අගෞරවයක් නොකරෙන්න දෙවියන්ට
බිඳෙනු ඇත තටු දිනෙක
ඔය තරම් වේගයට නැතිය ආයුෂ.
හෙමිහිට ගලන්න දෙන්න ජීවිතය.

ඉදින් නොබලන්න මා දෙස.
මට දැනීමක් නෑ දැන්
ඔය කුරුලු බැල්ම
තටු අත් හැරලා මඟ බලන

තටු ගසා පියඹන්න.
කවි ලියා ගී ගයන්න.
ජීවිතය විඳින්න
හදිස්සියක් නෑ පියඹා යන්න

Comments

  1. මට අතීතේ මතක් උනා. බෞද්ධ උනත් නත්තලට, මංගල්ලෙට පල්ලි යන්න පුරුදු වෙලයි උන්නේ. ඒ කලේ කෙල්ලන්ට ලයින් දාන්න තැනක් නොතැනක් නෑනේ... හැක්..

    ReplyDelete
    Replies
    1. හා හා... එහෙනම් හොඳට පුලුවන් ඇති හොරෙන් බලන්න මගේ කවියෙ තියන විදියට... හික්ස්

      Delete
    2. ඔව් ඔව් ... හැබැයි ඒ කුරුළු බැල්මද කියන්න නම් දන්නේ නෑ...

      Delete

Post a Comment

Popular Posts