අවැසි හයිකුවක්




අවසාන හුස්ම පොද හෙලන්නට
දිනගනිමි සුපෙම්වත නිහඬවම
දිගු කවි මට හරිම වෙහෙසමය,
ඉඩ ඇත්තේ එකම හයිකුවට.

ඉදින් ඔබ මුසු කරනු හැඟුම් පොද,
ඔබ්බවා ප්‍රේමයක සුගම බස
ව්‍යංගය වුවත් මට කමක් නැත,
මියැදුනු පසුත් මට විඳ ගන්න...


Comments

  1. ඔබේ කවි රස විදගන්න සැවොම ඇත මග බලන් මියැදෙන්න ඇයිද. ඔබ සිතමින්.

    ReplyDelete
    Replies
    1. කවි වලින් පමණක්ම මියැදෙමි..

      Delete

Post a Comment

Popular Posts