මම පෙමිනි



සිනා    මලක්    මුව    මඬලේ         විසිරවමි.
එ'හැඩ    බලන  නෙත අතහැර   දුර  බලමි.
හොරෙන් හොරෙන් ඒනෙත මත වැතිරගමි.
ආදරයේ    මුලකුරු     මා               කියවමිනි.

සිතමි   පතමි,   ඔබේ සුවඳක් මෙහි        ඒවා.
හමමි,    විඳිමි,   ප්‍රේමය  සුවඳෙහි         වේවා.
අත    අත   නෑර   තව තව කව දිගු      වේවා.
නුඹ නැති කලෙක මා කවුරුත් නොම වේවා..

හිතින්   සිඹිමි,   හිතින්   හොවමි පෙම කවකි.
දැනුත්   විඳිමි,   නුඹත්   නොමැති තනිකමෙනි.
කවිත්   මැවෙන,   පෙමත්   විඳිමි හිමි     රජුනි.
ඔබ    ආවත්    ඔබ   නාවත්   මම          පෙමිනි.


Comments

Post a Comment

Popular Posts