සිතන්නට යමක්...03

සිතන්නට යමක් ලිපි පෙල යනු අන්තර්ජාලයෙන් උපුටාගත් සමහර කතාවල පරිවර්තන වේ.. ඒ ඒ කර්තෘන්ට අයිතිය සතුවන අතර, මා කරන්නේ හුදෙක් මට තේරෙන ලෙස පරිවර්තනය කිරීම පමණි...


කෝපය පාලනය.



ඉතා නරක කෝපයක් ඇති කුඩා පිරිමි ළමයෙක් සිටියේය. ඔහුගේ පියා ඔහුට ඇණ මල්ලක් භාර දී කෝපය ඇති වූ  සෑම විටම එම ඇණ වැටට ගසන්නට පැවසීය.

පළමු දිනයේ පිරිමි ළමයා ඇණ 37 ක් එම වැටට ගැසුවේය.

එසේ කෝප වන විට ඇණ ගැසීම දිගටම කරගෙන ගිය ඔහුගේ තරහා සති කිහිපයක් යන විට ක්‍රමයෙන් පාලනය වීම ඇරඹී තිබිණි. ඒසේම වැටට ගසන ඇණ ප්‍රමාණයද ක්‍රමයෙන් අඩු වී තිබිණි.

ඔහු තමන්ගේ තරහ පාලනය කිරීමට මිටියෙන් ඇණ වලට පහ‍ර දෙනවාට වඩා පහසුවෙන් හඳුනා ගැනීමට සමත් විය.

අවසානයේදී, පිරිමි ළමයාට සිය කෝපය පාලනය වූ දිනයක් පැමිණි අතර ඒ බව සිය පියාට දැන් වූ විට, පියා අණ කලේ, කෝපය පාලනය වී තිබෙන්නය එම ඇණ එකින් එක ගලවා දමන ලෙසය.

කාලය ගෙවී ගිය අතර ඇණ සියල්ලම ගලවා වැටෙහි ඇණ නැති බව පිරිමි ළමයාට අවසානයේ තම පියාට පැවසීමට හැකි විය.

පියා විසින් පිරිමි ළමයාගේ අත අල්ලා ඔහුව වැට වටා ගෙන ගියේය.

"පුතේ ඔයා හොඳට කළා, නමුත් වැටේ වලවල් දිහා බලන්න. වැට කවදාවත් පෙර ලෙසම පවතින් නැහැ.. ඔබ කෝපයෙන් දේවල් පවසන විට, ඒවා මේ හා සමාන කැළලක් ඇති කරනවා. ඔබට මිනිසෙකුට පිහියක් දමා එය නැවත එලියට ඇද ගැනීමට හැකිය. මට කණගාටුයි, යැයි පැවසුවත් එම තුවාලය එහෙමම පවතිනවා."

සිතුවිල්ල: 
ඔබේ කෝපය පාලනය කර ගන්න, කෝප වූ විට කිසිවක් කිසිවෙකුට නොපවසන්න. පසුව පසුතැවිලි වූවාට පලක් නැත. ජීවිතයේ සමහර දේවල්, ඔබට ආපසු ගැනීමට නොහැකිය.

Comments

  1. මේ කතා නම් හරි අගෙයි....මම මේ ටිකේ පොසිටිව් තින්කින් විඩියෝස් වගයක් කරනවා මගේ හඩින්...මම ඉස්සරහට ඒ ගැන ලියන්නම්...ඇත්තටම මේවා වටිනවා මට

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉදිරියේදි අපිට ඒ විඩියෝස් බලන්න පුලුවන් වෙයි නේද... ඔන්න අපි බලාගෙන ඉන්නවා... සුභ පැතුම් ඔබේ අගනා කටයුත්තට..

      Delete
  2. තරහව ජීවිතේ කොතරම් හිස් කරනවා ද ?

    කොහොමත් තරහව මෝඩ කමින් ආරම්භ වෙලා පසුතැවිල්ලෙන් නේ කෙලවර වෙන්නේ .

    අදත් ගොඩක් වටිනා ලිපියක් ඔයා ලියල තියෙන්නේ අරූ .

    බොහොම ස්තුතී !

    ReplyDelete
  3. කලණ ඔබට බොහොම තුති...!!!
    ඇත්තටම මේ කතාව වටින අය අතර මමත් ඉන්නවා.. හී හී.. මං බොහොම කේන්තිකාරියක්.

    ReplyDelete

Post a Comment

Popular Posts