ග්‍රීෂ්මයට පෙර
මීළඟ ග්‍රීෂ්මය එලැඹෙන්නට මත්තෙන්
ලේඛන ගත කල යුතුය ප්‍රේමය....
හදිසි කම්පන වුව,
චණ්ඩ මාරුත වුව අතැර.
දිර්ඝ පෞඩ ඉතිහාසයකට වග වීමට,
ශීලා ලිපියක් ලෙසින් සමාජ ගත කල යුතුය..
මේ අරුම අරුමෝසම් වසන්තය..
නුඹේ ඉපිලීම්, මෙන්ම,
අපේ ප්‍රංශ හාදු වැසි...
දින වකවානු සහිතව,
මල් පිපෙන චුම්භන සමඟින්
ලියැවිය යුතුය..
මීළඟ වසන්තයේදී නැවත ඒ ලිපි දිගැර කියවීමට නුඹටම...
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment