බුමුතුරුණු

කිටිකිටියේ ගුලිවෙලා හීතලට
ලෝම නොපිරුනු පැටව්..
මැදුරු අයිනේ වැතිරිලා හුන්,
පර්සියන් බුමුතුරුණු මතටවී නිදයි..

දුර ඈත ගොපලු කොලුවකුගේ
බටනලා හඬ ඇසේයි...
පුංචි සවනත විහිදුවාලා
පැටව් අවදිව හිරි අරියි.

නෙත්වත් නොඇරු බැටලු පැටියෙකු.
මවගේ උණුහුමින් තුරුලුව නිදියන මොහොතක.
ඊයේ කපාලු ලෝම කදම්බය ගැන තැවී තැවී.
මව සීතලෙන් හෙම්බත්ව සුසුම්ලයි.

Comments

Popular Posts