හිනැහෙන්න අදිටනට,
විසි කරපු කුලු ගෙඩිය.
පියාඹා පැමිණිලා,
ඇමිනුනේ හදවතේ,
ඔබට වෙන් වු කුටියේ. 

නිදොස් කොට යන්ට දෙමි.
ඔබට හිමි නිදහසට,
මා යටත් වෙමි සබඳ
ඔබ විසින් පැනවූ
මරන දඬුවමට වුව.

ප්‍රේමයේ නාමයට
මා කිසිඳු වංචාවකුඳු
නොකෙරුවත් කිසිවිටෙක.
ඔබෙ හිතේ කඩින් කඩ
විටින් විට වැඩි පවතනා
සැකය නම් බාධකය
මා විනාශ කරනු ඇත.

ඔබම පැනවු මරන මංචකයේ
මා දවා හලු කරනු.
හදවතට නිදහසක් ලැබේ නම්.
මියෙන්නෙමි..
පවසන්න.. ඔබේ දඬුවම.
යටත් වෙමි...
සොඳුර..


No comments:

Post a Comment

පිපුණු වසන්තයට

කොඳුරනා ඇස් නවන බැල්මකි. කියවනා සිත් කවන රිදුමකි. නොහඬනා නෙත් තෙමන බිරුමකි. නොපවසා නුඹ දුරැර ගමනකි. කුරුල් නද ගී විසිර යන්නට. පීදෙ...