රතු වෙල්වට්


මං සොයාගෙන ගියේ වෙල්වට් මන්දිරය. ඒ නම හරිම අමුතුයි..ඉතින් මං බලාපොරොත්තු වුනේ වෙල්වට් මල් පිරුනු උයනක් සහිත මන්දිරයක්. මං වෙල්වට් මන්දිරය තියනවා කිව්ව අතුරු පාරේ ඉදිරියට ඇදුනා..ඒ පෙදෙසේ තිබුන එකම විශාල උයනක් සහිත මන්දිරය වෙල්වට් මන්දිරය යැයි කිවු නිසා කුහුලෙන් යුතුව මං සොයා ගත් විශාල උයනට ඇතුල් වුනා.මං බලාපොරොත්තු වුනේ වෙල්වට් මල් පිරුනු මන්දිරයක්  වුවත් නිශ්චිතවම මට වෙල්වට් මල් එම වත්තෙන් දක්නට ලැබුන් නෑ. නමුත් මං විශ්වාස කලා නිවැරදිව මං වෙල්වට් මන්දිරය සොයාගෙන ඇති බව, මන්ද ඒ සා විශාල මන්දිරයක් මා දුටුවේ ප්‍රථම වතාවට බැවින්.. 
මහ විශාල කවාකාර දැව ගේට්ටුවක් එක්ක විහිදිලා යන මාර්ගයක්. මාර්ගය දෙපස පයිනස් තුරු සමුහයක්. අවසානයේ ඒ මහ මන්දිරය. ඒක හරිම ලස්සන මන්දිරයක්. මන්දිරය ඉදිරිපස දොරටුව හෑරෙන්න සම්පුර්ණයෙන්ම මල් වැල් පඳුරුවලින් සැදුම් ලත් මල් දෙවටක්.  පුංචි පුංචි දම් පාට මල් පිරිලා. මං හෙව්වේ වෙල්වට් මල්.. එනමුත් එකඳු වෙල්වට් මලක්වත් සොයාගත නොහැකි වුනා..මං මාර්ගය දිගේ ඉදිරියටම ගමන් කලා...
මන්දිරය කවාකාර දොරටු හා ආරුක්කු බිත්ති වලින් නිමැවූන් ගොතික් වර්ගයේ මන්දිරයක්. කිරි සුදු පාටින් මන්දිරය දිදුලන්නට වුනා. එහි බරාඳය හරිම විශාලයි. එහි පැද්දෙන දැව පුටුවක හිඳගෙන මහත්තයෙක් පොතක් කියෙවමින් උන්නේ. ඔහු උපැස් යුවලක් පැලඳගෙනයි සිටියේ ඒ වගේම ඔහු මැදිවියේ කෙනෙක්. ඔහු ළඟ තිබුනු ස්ටූලයක රතු පැහැතු වෙල්වට් කේක් කෑල්ලක් තියපු බන්දේසියක් තිබුනා.. කේක් කා තිබුනත් එම කෑල්ලෙන් වැඩිමනක් ඉතිරි වෙලා තිබුනේ.

"සමා වෙන්න.." මං බයාදුව උගුර පැදුවා..
නොසිතු මොහොතක වුන සිදූවීමක් වගේ ඔහු මා දෙස පුදුමයෙන් බලා හිටියා..
මං නැවත වතාවක් මගේ කටහඬ අවදි කලා.
"සේවිකාවක් වුවමනා බව දැන ගන්නා ලැබුනා. මං ආවේ රැකියාවක් සොයාගෙන"
නමුත් ඔහුගේ මුහුනේ ඇදුනේ නුරුස්සනා බැල්මක්.. 
"සේවිකාවක් අවශ්‍යතාව තිබුනේ දවස් කිහිපයකට පෙර. නමුත් සේවිකාවක් සොයා ගන්න බැරි වුන නිසා මගේ හරිම ලස්සන අද දවසම විනාශ වුනා. උඹ ඇවිත් තවත් මාව විනාශ කරනවා."

මං බයෙන් මිරිකුනා.. මගේ ගිනි ගහන කුසට දියපොදක් අවැසිව තිබු මොහොතක් එය. කුසගින්න නිවා ගන්න රැකියාව අවශ්‍ය වුවත්, එය බාර ගන්නත් පෙර හාම් පුතා ගොරවන්න පටන් අරං තිබුනේ...
මං කිසිවක් නොකියා බලන් හිටියා..

නිමේෂයකින් හාම්පුතා නැවත නිහඬ බවට තිත තිබ්බා. ඒවෙලේ  නම් තරමක් සන්සුන්ව.
"හ්ම්.. එහෙනම් එන්න. ඇතුලට."

ඔහු මට හැකි වැඩ කටයුතු මොනවාදැයි විමසීය. මම ඉතා කැමැත්තෙන් ආහාර පිසිම යැයි පැවසිමි. ඉදින් ආහාර පිසීමට සේවිකාවක් අවශ්‍ය වු බැවින් නිතැතින්ම මට ආහාර පිසින කටයුතු පැවරුනා.  එලෙසම මා ඉරිදා පොලට ගොස් අවශ්‍ය ආහාර එලවලු රැගෙන ආ යුතුත් වුනා.
නිවෙස් පිරිසිදු කරන්න වෙනම සේවිකාවක් සිටියා.
ඒවගේම මන්දිරයේ උයන්පල්ලෙක් ලෙස හුරුබුහුටි පුංචි කොල්ලෙකුත් හිටියා. මට වෙනම පුංචි කාමරයක් ලැබුනා. අනික් සේවකයන්ගෙත් කාමර පිහිටලා තිබුනේත් එයට ආසන්නවයි. උයන බලා ගන්න කොලුවා නම් හරිම විහිළුකාරයෙක්. ඔහු සෑම විටම විවිධ දේ කියමින් අන් අයව සිනහා ගැන්වුවා.

හාම්පුතාට අමතරව ගෙදර හිටියේ ඔහුගේ පුතා හා සේවක පිරිස විතරයි. ඒත් පුතා වැඩිමනක් හිටියේ නිවසින් පිටත.
මං හිතුවේ ඇත්තටම හාම්පුතා හරිම රෞද්‍ර පුද්ගලයකු වෙවි කියලා. ඒත් ඔහු හරිම කරුනාවන්ත පුද්ගලයකු වුනා. වැඩිමනක්ම කලේ පොතක් කියවන එක. මන්දිරයේ ඉදිරිපස බරාඳයේ පැද්දන අසුනට වී ඔහු දවසේ වාඩිමනක්ම පොත් අතර ගෙව්වා.
ඔහු හිටපු ප්‍රසිද්ධ විනශ්චයකාරවරයෙක්. ඔහුට ඇති තරම් වත්කම තිබුනා. නමුත් ඔහුගේ පවුල් ජීවිතය පිළිබඳ නොවිසඳුනු අබිරහස් තිබෙන බව විටෙක සේවකයන් මුමුණනවා මටද ඇසුනා. 
නමුත් ඒ කිසිවක් නොවිසඳුනු රහස්... හම්පුතා සිය සේවකයන්ද පොතට හුරු කරන්න ඔහු උත්සහ කලා. නමුත් උයන බලා ගත් කොලුවට කියවන්න බැරි නිසා ඔහු පැමිනුනේ නැහැ. මන්දිරය පිරිසිඳු කරන කෙල්ල නම් සමහර වෙලාවක පුස්තකාලයේ හිඳිමින් පොතක් කියෙව්වා.මටත් ආසාවක් පැමිනුනා පොත් පරිශිලනය කරන්නට. නමුත් ඊට වඩා ප්‍රිය වුනේ උයනේ ඇවිදින්න..

මං පිසු ආහාර වලට හාම්පුතා ඉතා ප්‍රිය වුනා. මුලදී දිනපතා පිසිය යුතු ආහාර වර්ග නියම කලත් පසුව ඔහු එය අත්හැර දැමුවේ මගේ ආහාර පිසීමේ හැකියාව හා ඒ පිළිබඳ ඔහු විශ්වාස කල නිසා විය හැකි. මං සමහර දවසට විශේෂ භෝජන පිලියෙල කලා. ඔහු ඒවට ඉතා ප්‍රිය වුනා. ඔහුගේ පුතු මන්දිරයේ නොසිටි තරම් ඒවා රස බලන්නට...
මං නිදහස් වෙලාවට උයනේ ඇවිද්දා. ඒක පාට පාට ටියුලිප්, කානේශන්, සූරියකාන්ත, ලිලී, රෝස වගේ හුඟක් මල් වර්ග පිරිලා තිබුන සාරවත් උයනක්. උයන්පල්ලට හිටිය කොලුවගේ දක්ෂතාව ඒක. මං පුදුමවුනා ඒ උයන දැකලා.. ඒත් මං හැමදාම හොයපු වෙල්වට් මල් නම් කවදාවත් දැක්කෙ නෑ.
මට නිදහස් වෙලාවට උයනේ මල් පැලවලට සාත්තු කරන්න ලැබුනා. වල් පැල ගලවන්නත්, පාත්ති කොටන්නත්, අනතුව කුඩා පැල වගා කරන්නත් මං ආස වුනා. ඒවල මල් පිපෙනකොට ඇති වන සතුට කියලා නිම කරන්න බැරි වුනා.
දවසක් මම එලවලු ගන්න පොලට ගියහම වෙල්වට් මල් පැල දුටුවෙන් මම ඒවා කිහිපයක් ගෙනත් උයනේ කොනක වගා කලා. ඒවා පැල වුනේ නෑ.. ඉක්මනින් මැරිලා ගියා..
ඉතින් මං වැඩේ අත්හැර දැමුවා. උයන්පල්ලා නම් කිව්වේ ගහක් හිටවන්නත් අත් ගුණේ තියෙන්න ඕනා කියලා..
ඒ නිසා මං කියවන්න හුරු වුනා. හාම්පුතා පොත් තෝරලා දුන්නා. මං ආස වුනේ ශෝකාන්ත ප්‍රේම කතා වලට..

මම රැකියාවට පැමිණ අවුරුද්දකට ආසන්න කාලයක් ගත වෙලා තිබුනේ. එන්න එන්නම හාම්පුතා අසනීප වෙන්න ගත්තා. අවසානයේදි ඔහුව රෝහලක නේවාසිකව නතර කලා.. ඔහුට දියවැඩියාව තිබුනත් ඔහු ආහාරයට ඉල්ලුවේ ‍රතු වෙල්වට් කේක්. සීනි මට්ටම පාලනය කල යුතුද වුනා. මම වෙල්වට් කේක් එකක් අවසානයේදි සාදාගෙන ගියේ ඔහුගේ ඉල්ලීම ඉටු කරන්න. වෛද්‍යවරුන්ට හා හෙදියන්ට හොරෙන් කේක් කැබැල්ලක් හාම්පුතාට ලබා දෙන්න මා සිතා සිටියේ ඔහුගේ හොඳම දවසේ එනම් මා රැකියාවට ගොස් අවුරුද්දක් පිරෙන දිනයේ.
නමුත් අවාසනාවට ඔහු ජීවිතය හැර ගොස් සිටියා. ඉදින් ඔහුගේ අවසාන ඉල්ලීම වත් ඉටු කල හැකි වුනේ නෑ.



Comments

Popular Posts