කඳුලු වියැලෙන පිණිස
හමා ආ මාරුතය
රැගෙන ආ සුවඳ පොද
ඔබව යලි රැගෙන ආවේ
මගේ හද මස්තකයට

නොලියුව හැම අකුරු මත
රැඳුනු දුක්බර කවිය
දියවුනේ කඳුලු මත
ඔබට නොපෙනෙන්නට
ඔබෙන් සඟවන්න..

ගෙවා ආ ගමන ගැන
කිසිඳු දොම්නසක් නැතිවද
බිඳුනු හැම හීන ගැන
වැලපෙනවා හදවතම
ඔබව සඟවා හීන යට...

Comments

  1. ලස්සනයි අරූ....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. ඔබටත් ජයවේවා..

      Delete
  2. Replies
    1. එතරම් රසයක් නැති බව දනිමි...
      නමුත් තුති.....!

      Delete
  3. Replies
    1. ස්තූතියි ධනු... ඔබටත් ජය....

      Delete

Post a Comment

Popular Posts