මියෙමි ඉපදෙමි
මන්ද මාරුතයක්ව පැමිණෙන,
එක් ක්ෂණයෙන් චණ්ඩ වන,
අදිසි විපර්යාසයෙන් මා විපරීතව
දරා ගන්න දරන වෙර නොදැනෙන සේ...
අළු යටින් ගිනි පුපුරු මතුව
අනේක විද රිදුම් දෙන
ඒත් එක වදනකුඳු නොපවසා..
රිදිල්ලට අමා පැන් ඉසින..
නුඹේ මහ විකාර කෝලමට
පුරුදු වී මියෙන ඉපදෙන හදින්
යලි යලිත් ප්‍රේම කරන
දන්නවද මමත් මියෙමි
ළඟදිම දිනෙක නොදන්වාම...
ලස්සනයි අරූ.
ReplyDeleteජයවේවා!!!
ස්තූතියි දුමී
Deleteට්‍රේන් පරක්කු නොකර ඕන එකක්
ReplyDeleteඔව් නේද..
Deleteපිළිතුරු කවි ලියමි - හෙට
ReplyDeleteස්තූතියි ලිඛිතා
Deleteනෙල්ලි රසයි, එත් අඹ කෝ?
ReplyDeleteතේරුන් නැතෝ
Deleteකවි නෙල්ලි රසයි. අඹ කතාව කෝ?
Deleteඅයියෝ.. ඉන්න.. මං කොටසක් ලියලා තියෙන්නේ.. හෙට වගේ දාන්නම්කෝ...
Deleteලස්සනයි අරූ
ReplyDeleteස්තූතියි
Deleteලස්සනයි අරූ.ඔයාගේ කතා කියවන්න ආසයි,ටිකක් වැඩියෙන් කතා ලියන්න.
ReplyDeleteස්තූතියි බක්කරේ..ඔය වචන වටිනවා හුඟක්.. මං ලියපු කතා කිහිපයක් තියනවා තාම සම්පුර්ණ නැහැ... කතා ලියද්දි මට අවසානය ලස්සනට ගන්න අපහසුයි. ඒ නිසා මගේ කතා හුඟක් බාගෙට නැවතෙනවා... නැවතත් ස්තූතියි...
Delete++++++++++++
ReplyDelete😊😊😊😊😊😊
Delete