දුරින් පැවතීමද ආදරේ උහුලන්න බැරි විදිය...???



ආදරේ කරන වෙනස..
දර්ශීය නොවන පෙම්වත,
මේ දර්ශීය නොවන විපර්යාසයන්ට
ආදරෙයි මමද....

විටෙක හිත දුකින් තබන,
විටෙක හිත පමෝදය උහුලනු නොහීව,
ආදරෙන් මිරිකන,
බොහෝ විට ඈතින්ම ඇඳී,
යලි මැකෙන
නුඹේ ප්‍රේමය,
සේයාරුවක්ද මිරිඟුවක..

මැකෙමින්, පිබිදෙමින්, නොමියෙන
දුරින් පවතින සඳක් සේ හැඟෙයි..
මේ විදිය උහුලනු නොහැක...

දුරින් පැවතීමද,
ආදරේ උහුලන්න බැරි විදිය...?

Comments

  1. අපේ හිත් සහ හිත් වලට නැගෙන සිතුවිලිත් මේ වගේ නේද .

    ලස්සණ වචන ගෙත්තමක් ! නියමයි .

    ReplyDelete
  2. දුරින් පැවතීමද,
    ආදරේ උහුලන්න බැරි විදිය...?

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා අනේ... එහෙමයි කියලා මට එක පාරට හිතුනා...

      Delete
  3. දුරින් තිබ්බත් ලඟින් තිබ්බත් වෙලාවකට උහුලගන්න බැරි වෙන පිස්සුවක් මේක.

    ReplyDelete
    Replies
    1. හම්මෝ... ඔව් ඔව්ව්...!!!

      Delete
  4. ආදරේ අම්මෝහ් හොදට පාඩම් ඉගෙන ගත්ත කාලයක් ඉවර කරලා ඉන්නේ

    ReplyDelete
    Replies
    1. ඒ එහෙනම් හොඳයි. දැන් ඉගෙනගෙන ඉවර නම් ඉගෙන ගන්න අපිට ඒ පාඩම් කිහිපයක්වත් කියා දෙන්නකෝ කිඹුලියෝ.

      Delete

Post a Comment

Popular Posts