ජීවිතයට අඬ ගසන්න....

බොළඳ කතාවක් යැයි ඔබ දොස් නගනු ඇත.. පල කරම්දෝ නොකරම්දෝයි සිතමින් දින ගණනක වෙහෙසයකින් යුතුව පලකරන්නට යන තීරණය අවසානයේ ලදිමි....
///////////////////////////////////////////////////////////////////////

රෝස පැහැති ප්‍රේමය



සුන්දර රෝස දෙතොල..
පිරිමියකුට සරිලන දෙතොලක් නොවේ මට යැයි ආදරේට පැවසමින් හුරතල් උන මගේ කෙල්ල.. මං කිව්වේ රෝස කිරිල්ලී කියලා..
සිගරට් ගහනවා දැන ගත්තම, රෝස පාට නැති උනොත් ඔන්න හාදුවක්වත් දෙන් නෑ කියමින් මාව ආදරයෙන් උමතු කල මගේ රෝස කිරිල්ලී...

රෝස මලක කටු තිබුනට, කිරිල්ලියොන්ගේ කොහෙද කටු..
මං ආදරේ කලේ එහෙම හිතා ගෙන. ඇත්තටම අපේ ආදරේ මුල් අවදියේ, හරිම ලස්සනට ගලාගෙන ගියේ රෝස මල් යහනාවක මගේ රෝස කිරිල්ලි විසින් මා සතපවා සේය..

මගේ හද කිනිත්තේ ආදරය වැහෙන්න ගත්තේ, ප්‍රේමයේ මුලකුරු ලියැවෙන්න ගත්තේ මගේ රෝස කිරිල්ලිගේ සුදු ගවුමේ ඔපනැලි මතින් ඒකිගේ ලැජ්ජාව, හුරතල් ගති අංකුර වගෙ මෝදු වෙන සුන්දරත්වය දැකලා..
ඒත් මං කාලන්තර තරණය සිද්ධ කලේ කොහොමද කියන්න දන්නේ නැහැ. මගෙ නොහික්මුනු කුලුදුලේම පීදුනු පිරිමි හැඟීම් පොකුර හද කිනිත්තේ සඟවන් හිටියේ හරිම වෙහෙසකින්... මගේ රෝස කිරිල්ලිව දකින මොහොතක් මොහොතක් පාසා, මගේ පිරිමි හිත දළු ලෑවා.. කවි ගෙතුනා, සිතුවම් ඇඳුනා.. මේ අදිසි විප්ලවයේ නායකත්වය හිමි වුනේ රෝස කිරිල්ලිට. මගේ නොහික්මුනු ගති එක්ක යට වෙලා තිබ්බ බෝසත් උභය කුලයේ නාමයෙන් මං ඒකිට ආදරය ප්‍රකාශ කලේ සුදුගවුමට තිත තියන දවසේ..
එදා තිබ්බේ කෙමෙස්ට්‍රි. ඒකිට කෙමෙස්ට්‍රි අමාරු වෙලා තිබ්බ නිසා ඒකීට මගේ ආදරය ගැන නිනව්වක් තිබ්බෙ නැහැ.. මං ආදරේ ප්‍රකාශ කලාට ඒකීට ඊට වඩා හිතන්න කෙමෙස්ට්‍රි තිබුනා.
මට අමාරුවක් උනෙ නැහැ සම්පුර්ණ විභාගයම. මොකද, මගේ අම්මයි තාත්තයි  දෙන්නම විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයන් නිසාත් ඔවුන්ගේ ජාන සිතියමේ ජාන මට හිමිව තිබුන නිසාත්, මගේ මොළයේ කුඩා කල සිටම අයි.කියු. මට්ටම ඉහල අගයක පැවතීමත් ඊට හේතු වුනා..
හංගලා තිබ්බ ප්‍රේමය ප්‍රකාශයට පත් කල වහාම හඬන්න පටන් අරන් තිවුනේ.. අසිනි වැස්සක් වගේ, නවත්තන්න බෑ වාන් දමලාවත්..
මගේ මිතුරෙක් උදව්වට ආවා.. මගෙ ප්‍රේමය මගෙ මිතුරු කැලට රහසක් වුනේ නැහැ. මිතුරෙක් හොයාගෙන ආවා මගේ රෝස කිරිල්ලී රිවිශන් යන විත්තිය.
මට රිවිශන් යන්න වුවමනාවක් නැති උනත්, මං රිවිශන් යන්න පටන් ගත්තේ ඒකී නිසා. ඒත් මට රෝස කිරිල්ලී ගේ අධ්‍යාපනයට ආදරය බාධාවක් කරන්න වුවමනා වුනේ නැහැ. ඒත් වෙන කුරුල්ලෙක් ඩැහැගෙන ගියොත් කියන බය මගේ හදවතේ ඇතුලේ කැකැරෙන්නේ ගත්තා. මට වුවමනා වුනා මං ආදරේ බව කියන්න. ඒ වගේම බලන් ඉන්න පුලුවන් බව කියන්නත්. ඉගෙන ගන්න ඕනෑම උපකාරයක් කරන්නම් කියලා කියන්නත්...

රෝස කිරිල්ලීට මං ලියුමක් ලිව්වා. ඒක හරි නෑ කියලා විසි කලා. ආයේ ලිව්වා ආදරෙ බව..
බොලඳ වැඩී කියලා හිතුනා..
ආයේ කවියක් ලිව්වා...
මට හිතා ගන්න බැරි වුනා ආදරය නැවත ප්‍රකාශ කරන විදිය..

මගේ සංඥා කුලුනට අසුවෙලා තිබුනේ වන බඹරෙක් රෝස කිරිල්ලී හඹා යන විත්තිය.. මට කුමක් කරන්නද කියලා තේරුම් ගන්න බැරිව මං විසංයෝජනයකට පත් වුනා.
රෝස කිරිල්ලිත් උන්නේ ඉබාගාතේ සැරිසරමින්... මගේ පෙම්වත් සිත බිය වුනා ඔහුගේ ප්‍රේමය දද කෙහෙලි නංවයි කියලා.

මං කලේ ආයේ ලියුමක් ලියලා දීපු එක.. ඒක දුන්නට පස්සේ ආයේ හරි නෑ කියලා හිත තෝන්තු මාන්දු වුනා. මොනවා කරන්නද ඒක දීලා ඉවරනේ...
ඇය මා දිහා බලන් උන්නා...මේ කුරුල්ලා දිහා.. ඒ කලු බෝල ඇස් දෙක තවත් ලොකු කරන්.. මගෙන් ඇහුවේ "ඇත්තටම ඔයා මට ආදරේද " කියලා විතරයි. මට කියන්න දෙයක් තිබුනේ නැහැ... ඇය පිලිතුරක් බලාපොරොත්තු වුනේ නැති නිසා...
ඇය කිව්වේ මේ පාර කැම්පස් සිලෙක්ට් නොවන නිසා ඇයට ඉඩ දෙන්න කියලා ඊලඟ පාර කොහොම හරි කැම්පස් යන්න..මං කිව්වා වුවමනා නම් මං ක්ලාස් කරන්නම් කියලා... හිනා වෙලා ඇහුවේ ඔයා ඒ තරම් බ්‍රයිට්ද කියලා විතරයි....

මං පිලිතුරු දුන්නෙ රිසල්ට් ආවාම බලා ගන්න කියලා විතරයි..
ඇයට අවශ්‍ය වෙලා තිබ්බේ කෙමෙස්ට්‍රියි ෆිසික්සුයි ප්‍රශ්න කරන්න.. අපි ටයිම් කරලා ප්‍රශ්න පත්‍ර කරන්න පටන් ගත්තා... ඒ ඇගේ ගෙදරදී... මට ඇවැසි වුනේ නැහැ.. මගේ පිරිමිකම ඉදිරියට දාලා ඇගේ සිහින බොඳ කරන්න...
ඈ සිහින වියමන වියුවේ හැමදාම.. හැම මොහොතකදිම...
මං කොල්ලෙක් තමා.. ඒත් නරක කොල්ලෙක් නෙවේ.. මට යාලුවෝ හුඟක් උන්නා.. ඒ සමහරවිට මන් හොඳ කන බොන කොල්ලෙක් නිසා වෙන්න ඇති... මට වියදම් කරන්න තිබ්බ සල්ලි එක්ක මට වුවමනා වුනේ නිදහසේ පාවෙන යෞවනයට ඉඩ දීලා මිතුරන් එක්ක සතුටු වෙන්න...
ඇය ඒ ගැන දැන ගත්තා... මං ඒ රෝස කිරිල්ලිට ආදරේ කලේ ඇත්තටම වුනත් එයාට වුවමනා වුනේ මගේ පුරුද්ද අතහැරලා දම්මන්න...
මුලින් මුලින් ආදරෙන් කිව්ව වචන.. මගේ රෝස දෙතොලට ඇය හරියට ආශා වුනා... ඉතින් ඇය "රෝස පාට නැති උනොත් ඔන්න හාදුවක්වත් දෙන් නෑ" කියමින් මගේ දුම්වැටිය නවත්තන්න බලකලා...
පස්සේ පස්සේ වෙනකොට ඉල්ලීම් හීනි රිදුම් එක්ක අණකිරීම් වැනි කිනිසි පහරවල් වෙන්න ගත්තේ මං හිතුවක්කාර නිසාම..
ඇගේ වෙනස් වීම මට කියවන්න නුපුලුවන් වුනේ,ඇගේ දක්ෂතාව නිසා වෙන්න ඇති... 
ඒත් ඈට උවමනා වුනේ මගේ ජීවිතයේට සීමා දාන්න...

ඇයට මං රෝස මල නොකියා රෝස කිරිල්ලි කීවේ ඇගේ සියුමැලි ගතිපැවතුම් නිසා මුත් මගේ ජීවිත පුරුදු එක්ක ඈ රෝස මලක් වග මා විශ්වාස කලේ ඈ මා රිදුවු නිසාමය. ඒ මගේ ජීවිතයට සීමා දමමිනි...
මා වෙන්ව ගියේ මගේ නිදහස් ජීවිතය සොයමිනි.. ඒ ඇගේ සීමාවන්ට හසු වන්නට මට කිසිසේත්ම උවමනා නොවුනි.. ඉදින් මමම රෝස කිරිල්ලිව අතැරෙන්නට ඉඩ දුනිමි.
මගේ නිදහස් තනිකඩ ජිවිතයේ ගෙවුනේ හරියටම වසර හතකි.. මගේ ඒ සෙල්ලක්කාර දිවිය මට පිදුවේ ඇය බය වූ යථාර්ථයයි.. එනම් පෙනහලු පිලිකාවකි..

නුමුත් මා මහරගම පැමිණියේ කිසිඳු බලාපොරොත්තුවක් රහිතවය. ඇගෙන් වෙන්ව ගිය මුත් ඇගේ වදන් තවමත් මා පසුතැවිලි කරවමින් තිබුනි..
නමුත් දෛවයන් මා ලද්දේ රෝගියෙක් වීද ඈවය. මා සයනයේ හිඳින කල ඈ ආවේ දෛවයේ සරදමකට වාගේය. ඈ කොලඹ වෛද්‍යපීඨයට තේරුනේ දෙවනවර විභාගයෙනි. එවිට මා ඉංජිනේරු පීඨයේ ඉගෙනුම ලබමින් සිටියෙමි. මා තරමක් ටියුෂන් ක්ලාස් ඇයට කල බැවින් ඇය වෛද්‍ය පීඨයට තේරුනු වග ඇය ලිපියක ලියා මට ස්තූති කර එව්වාය. නමුත් එයටද ප්‍රතිචාරයක් නොයැවීමට තරම් මං සැහැසික විනි.

නමුත් දැන් ඇය මගේ අබියස හිඳී.. මා දුට ඇගේ නෙතේ කඳුලක් දිලිසෙන්න පටන් ගනු මා දුටි.
මට ඇගේ රෝසකටු හරි පැවසු සත්‍යය වටහා ගත්තා නම් යැයි සිත ගෝරණාඩු කරයි. එසේ නම් මෙලෙස සයනයක නොහිඳ ඈ හා සතුටින් කල් ගෙවන්නට තිබුනි.. මම අදටද පසුතැවිලි වෙමි.. ඒ මගේ හිතුවක්කාර නිදහස සොයායෑම පිලිබඳවය..

Comments

  1. ඈ සිහින වියමන වියුවේ හැමදාම.. හැම මොහොතකදිම...

    නියමයි

    ජය වේවා ..!!!!

    ReplyDelete
  2. මේක කොහොමද බොළඳ උනේ? එක්කෝ මම බොළඳයි ද කොහේදෝ

    ReplyDelete
    Replies
    1. හැමෝම බොලඳයි සාපෙක්ශව.. මං මේ කතාව ලියලා හුඟක් දවසක් නොදා තියන් හිටියා බොලඳයි කියලා දැනුන නිසා... ඒකයි එහෙම කිව්වේ .... ස්තූතියි ලිඛිතා... මේ පැත්තට ගොඩ වැදුනට..

      Delete
    2. මමත් ලිවීමේදී සමහර වෙලාවට ඔරිජිනල් වර්ෂන් එක කපලා කොටලා හදනවා මේ 'බොළඳ' ෆිල්ටරේට අහුවෙලා. ඇත්තටම බලනකොට සත්‍ය කතාව , සත්‍යයෙන් තොර තත්වෙට ඇවිත් එහෙම බැලුවම. ඇත්තටම වෙන දේවල් ගොඩක් ප්‍රබන්ධ වලට සමාන වෙන තරම්!

      ඒ නිසයි මම අවන්කවම මගේ අදහස කිව්වේ.

      විස්වාස කරන්න බැරි බොළඳ කතා හංගගෙන, අපි සීරියස් යතාර්ථය තමයි ලියන්න හදන්නේ. ඒකත් එක විදියකට රැවටීමක්!

      Delete
    3. හුඟක් ස්තූතියි ඔබේ අදහසට

      Delete

Post a Comment

Popular Posts