සින්ඩරෙල්ලා මං



සින්ඩරෙල්ලා මං මගේ කතාවේ...
සපත්තු හුඟක් හැලුනේ  මාවතේ නොවුනත්, 
මැදියම් දොලහට ලං වෙලා හැමදාම..
ඒසී කාමර වල, 
ඒ හැලුන සපත්තුවක් අරන් කුමාරයෙක් එනකම් බලන් උන්න..
සින්ඩරෙල්ලා මම..

මැදියමේ මං ගියේ රාජ මාලිගාවලට නටන්න, කාසි වලට...
මත්බඳුන් පුරවපු මේ දෑත් වලින්ම හීන දැක්කේ රාජකුමාරයෙක්ගේ හස්තයක් අල්ල ගන්න...
සින්ඩරෙල්ලා මම රාජකුමාරයෙක් එනකම් බලන් උන්නු...

රාජ කුමාරවරු නැතුව මාලිගා හදන්න හීන දැක්කේ නැති මුත්..
හදවත පැත්තකට කරලා මාලිගාවක් හැදුවා,
මැටි වරිච්චි බිත්ති බිඳලා, පොල් අතු පියස්ස බිමට හෙලලා,
මගේ අම්මවයි නංගිලා තුන්දෙනාවයි රාජකුමාරියෝ කරන්න...
තවමත් රාජකුමාරයෙක් එනකම් මඟ බලන කෙස්රොදක් විතරක්ම සුදු වෙච්ච සින්ඩරෙල්ලා මං...

මාලිගාව හැදෙන්න  කියලා මගේ තුනුවගම රාජකුමාරයොන්ට පිදුවා..
උන් සින්ඩරෙල්ලව නොදන්න නිසා මට පහසු වුනා...
මැදියම පුරාවට සතුටුවෙලා රාජ කුමාරවරු අසු පිටින් ඔවුන්ගේ භවනට වඩිනකොට,
මං කබල් සෙරෙප්පු දෙක ගෙවෙනකම් පයින්ම බෝඩිමට ආවා...

නිදා ගන්නකොට හැමදාම මං සින්ඩරෙල්ලව හීනෙන් දැක්කා..
දවල් හීන සැබෑ නොවන බව දැන දැනත් ඒ රාජකුමාරය එනකම් බලන් ඉන්න මනමාල වයස පහු වෙච්ච සින්ඩරෙල්ලා මං...


Comments

  1. අඩුපාඩු කියන්න කිව්වත් අරූගෙ ලිපිවල තියෙන්නේ රසක්, ලස්සනක්, අලුත් අදහසක්. ඉදිරියටත් ඒ ගුණාංගය ඇතිව නිර්මාණකරණයේ යෙදෙන්න. ඉදිරිය සාර්ථක වේවා...

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමී.. මගේ බ්ලොග් එකට ගොඩ වෙන හැමදාම ඔබ ධෛර්යයක් ගෙන්න වදන් පවසන්නෙ... හුඟක් ස්තූතියි ^_^

      Delete
  2. ඉදිරිය සාරථක වේවා කියා පාර්ථනා කරන්නම් ජය ජය ජය වේවා......................................

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම ජයවේවා

      Delete
  3. අලුත් විධිහකට හිතල ලියපු එකක් නිසා මම කැමතියි මේ නිසඳස ට. සින්ඩරෙල්ල හා කුමාරවරු ගැන ගැන මිසක් රාජ සභාවේ සේවක සේවිකාවෝ ගැන අපි කතා කරන්නේ ,මේකට නීති රීති නැහැ. .ඒත් මේ වගේ දිග වාක්‍ය හරියන්නේ නැහැ කියලා හිතෙනවා.
    "දවල් හීන සැබෑ නොවන බව දැන දැනත් ඒ රාජකුමාරය එනකම් බලන් ඉන්න මනමාල වයස පහු වෙච්ච සින්ඩරෙල්ලා මං..."
    දවල් හීන සැබෑ නොවන බව දැනන් ඉන්න
    ඒත් රාජකුමාරය එනකම් බලන් ඉන්න
    මනමාල වයස පහු වෙච්ච සින්ඩරෙල්ලා මං...
    වගේ ...

    ReplyDelete
    Replies
    1. ඔබේ දිරි ගැන්වීමට තුති.. ඔව් මටත් දැන් දැනෙනවා ඒ විදිය දිග වාක්‍ය හරි නෑ කියලා.. මට උවමනා වුනේ හැබැයි ඔබ කිව්ව අදහස දෙන්න තමයි.. දැන් ඒ ගැහැනිය වයසට ගිය කෙනෙක් දැන්.. නමුත් තවමන් හිත කොනේ තියනවා මනාලියක් එන්න.. ඒ වගේ අදහසක් වුවමනා වුනේ ඉදිරිපත් කරන්න... ඔබට හුඟක් තුති..

      Delete
  4. අපට ගැලපෙන කුමාරයෙක් හොයාගෙන ලස්සන රජ මාලිගාවක් හදන්න පුළුවනි සින්ඩරෙල්ලා.

    ReplyDelete

Post a Comment

Popular Posts