නිදහසෙන් ඔබ්බට



කසාවතට පෙම්බැඳි කාලේ
නොතේරුනා මේ හැඟුමන් අම්මේ...
එපා කිව්වම අම්මත් ඒ කල
හිතුවක්කාරේටමයි මහන වුනේ....

උදේ පාන්දර නැගිටන් හැමදින
මිදුල අමදින්නේ ගුලිකර මතකය
අම්මා වියපුම පොල් අතු වහලය
මිදුලේ අදිනවා කලුවරේම මම

උදේට දානය බුදු ගෙයි තියලා
පිරිවෙන් ඉස්කෝලෙට යනවා
ඉගෙනගන්න එන කොල්ලන් හුඟ දෙන
මං නොදන්න දේ පවසනවා.

ආසයි මට හරි ඒ නිදහසටම
මගේ කොලු හදවත පා වෙනවා..
ආයෙත් අරගෙන හදවත දෑතට
මම හිමිනමකි පවසනවා.


Comments

  1. Replies
    1. ජයවේවා ඔබටත්... ^_^

      Delete
  2. http://dumimda.blogspot.com/2016/06/blog-post_23.html?m=1

    ReplyDelete
  3. උඩ තියෙන්නේ මම කලින් ලිව්ව මේ වගේ කවියක්.
    නිර්මාණය ලස්සනයි අරූ.
    අන්තිම කවියේ අන්තිම පේළියේ "හිමිනමකි" කියනකොට තාලයේ ගැළපීමට බාධාවක් වගේ දැණෙනවා. ඒ වචනය "හිමිනමකිය" කියලා ආවොත් හරි කියලා මට හිතෙනවා. මේක මට දැණුනු නිසයි කිව්වේ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමී අදහසට.. මං ඒක වෙනස් කරන්නම්... ඒ වගේම ඔබේ නිර්මානයත් කියවලා කොමෙන්ටුවක් එල්ලන්නම්කෝ... ජය!!!

      Delete
  4. ළමයින් මහන කරගැනීම සදාචාරාත්මකව වැරදි වැඩක් නේද?

    ReplyDelete
  5. කවි පෙල කියෙවුවා. මුලින් දැනුනේ දුකක්.නමුත් අත් හැරිම පුරුදු කිරිම නිවනට මගක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කප්පිත්තෝ.. ඔබත් නැංගූරමක් දාලා හොඳ දෙයක් ලියන්න ගන්න

      Delete

Post a Comment

හුඟක් අය බලපුවා