ප්‍රේමයේ සළුව මත ඇවිද යමු...
අන්ධකාරය දැවී හලු වී යන කලෙක මෙන් මා උන්මාදනීය තුරුණුවිය සිදුරු කරමින් ගමනයේ නිරිතව හිඳිනි. ඔබ මා දැක මහා පිපාසිත කෙනෙකු දිය පිඬක් දක්නා ලද සේ මහත් යුහුසුලුව මා කරා පැමිණියේය. කිසිඳු සතරක් නොදැන ඔබ හා වියමන් කල මිත්‍රත්වයේ නාමයට ඔබ විටින් විට ඉසින ලද ප්‍රේමයේ අම බිඳු මම විසින් උකහා ගන්නා ලදුව ක්‍රමක්‍රමයෙන් දැවෙමින්, සිහිල් වෙමින් පැවතුනෙමි. ඔබ මදහසෙන් උත්පන්න කල සන්තුෂ්ටියට ලෝභී සිත් ඇතිව මා ප්‍රේම කල වග කිවයුතුය.
එනමුදු ඔබ හුදෙකලා නිම්නයක අතරමංව කාලානුරූපීව කාලතරණයට හදවතේ වූ උදුල දුක්ඛිත චතුර් වර්ණයන් නොසිඳින ලදුව මහත්ව සිත මඬල ආතුරව හිඳියැයි නොම දැනුවත් කලෙක ඒ දුර්ධර සත්‍යය ඔබ පැහැදුව මොහොත මම විපරීත වූයෙමි.
ඒ විසල් හදවත දොරගුලු ලා හිරකර තුබුයෙන් මහත් කෙඩෑරීව පිපාසිතව දුර්භික්ෂයකින් විඩාවට පත් වූ නියාවෙන් හැඟීම් විරහිත විතරාගීව මියෙන ලක්ෂණ සහිතව නොමියෙනු දුටිමි. ඒ සා විසල් සවියක ග්‍රහනයෙන් උද්දීපිත හැඟුමන් ජාලා ශඩ් වර්ණයෙන් නෙක විනිවිදින ලදුව ඔබ හා ආගමනයට පැමිණියෙමි.
නුඹ කල්පයකට ඉහතදී අහස් කුසක්ව චන්ද්‍රකාන්තියකට කල්ප ලක්ෂයක් දැවෙන්නට ඉඩ හසර විවර කරමින් හුදී අනඟ ලක්ෂණ විපරිනාම කරමින් සිටියදී පිරිමි සිතක් සසල වන තරමට මියෙමින් තිබූ ඒ චන්ද්‍රකාන්තියට තවත් තම හදවත පහරමින් ප්‍රේම කල නියාවෙන් දෛවය මහත් වූ දණ්ඩනයකට ඔබව ලක් කල බැව් අදටත් මා කෙලෙස අදහම්ද....?
ඉදිම් ඔබ අදටත් මහත් භක්ත්‍යාදරයෙන් මා වන් මේඝයකට පෙම් කොට මියෙමින් ආයේ ඉපදෙමින් පිලිපන් මේ දිවියෙහි අරුතක් මම නොසොයමි.
ඔබේ විසල් හදවත ඒ සා දුක්බර පරජිත හැඟීමෙන් මඬින ලදුව මා නම් විෂයෙහි විටින් විට පහරන සිතුවිලි ජාලයේ දාරකයා ඔබම වී ඔබේ හදවතේ මහා කිරීටකයටත් සිදුරුවීම් ඔබම සිදු කරන හැඟීම මා ක්ෂණයෙන් ඝාතනයට පත් කරයි.
නුඹව අහිමිව යන කලෙක මා පරජිත නොවෙමි.. තව තවත් හදවත සවියෙන් ආඩ්‍යව ඔබවම යදී... ඔබ ගන අන්ධකාරයේ මගෙන් සැඟවෙන කලෙක ක්ෂුද්‍ර එලියකුඳු නොමැතිව ඔබව හැඳින ගනිමි. මහ විසල් ශබ්දයන්ගෙන් දෝංකාර දෙන බිමක ඔබේ සියුම් කෙඳිරියත් එක් ක්ෂණයෙන් වුව හැඳින ගනිමි.ඒ ඔබ මට අක්ෂරයෙන් අක්ෂරය, ඇලපිල්ලෙන් ඇලපිල්ල උගැන් වූ ප්‍රේමයයි.
සකලවිද ලෝකයම ඔබ හා එරෙහි වුවත් මා කිසිඳු විටෙක මගේ අහස් කුස අතැහැර වර්ෂාවක්ව වුව ඔබගෙන් නික්මීමට වෙර නොගනිමි.. අහස්කුස බිඳි මියෙන මොහොතක ඒ බිඳෙන එක් පහරකින් මේ මේඝයද බිඳෙන ස්වප්නයක මම දිවි ගෙවමි. ඉදින් කිසිඳු භීතියක්, සංකාවකට ඔය විසල් හදෙහි වූ රෝමන්තික ස්වභාවය පරිවර්තනය නොකරන්න...
අපි මියෙමු..
සම පරතර වලින්
හුස්ම ගෙන,
එකම මොහොතක නවතාලමු.
අපි වැතිරෙමු...
ඒ සා විසල් හදවත් ඇත්තකු විලස,
මේ සා ප්‍රේමණීය අන්දරය මත
වැතිරෙමු..
මහත් සවියෙන් දෙඅත් අල්ලා ගෙන ඉමු..
අල්ලා ගත් හස්ත අත් නොහරිමු..
ප්‍රේමයේ සළුව මත ඇවිද යමු...
සම පරතර වලින්
හුස්ම ගෙන,
එකම මොහොතක නවතාලමු.
අපි වැතිරෙමු...
ඒ සා විසල් හදවත් ඇත්තකු විලස,
මේ සා ප්‍රේමණීය අන්දරය මත
වැතිරෙමු..
මහත් සවියෙන් දෙඅත් අල්ලා ගෙන ඉමු..
අල්ලා ගත් හස්ත අත් නොහරිමු..
ප්‍රේමයේ සළුව මත ඇවිද යමු...
දකිමු අඳුරෙ වුව සෙනෙහස් රුව දකිමූ
ReplyDeleteවිඳිමු සසරෙ හුරු සෙනෙහස් සුව විඳිමූ
මියෙමු ළඟින් ඉනු බැරිවිටකදි මියෙමූ
හිඳිමු උපන් හැම බවයක ළඟ හිඳිමූ....
ලස්සනයි අරූ..
ජයවේවා!!!
අවසානයේදී ඔබ මගේ ලියමනෙහි හරය ලියා ඇති වගයි... 😍
Deleteමේ වචන ටික නම් නියමයි. ඉතාම ලස්සන ලියවිල්ල.
Deleteහයියෝ මගේ ලියවිල්ල ද, දුමීගේ ලියවිල්ල ද ඉයන් මාමේ
Deleteරෝමාන්තික කියන කෑල්ල දැකපු ගමන් මට මතක්වුනෙම රස්තියාදු කාරයව
ReplyDeleteරස්තියාදුකාරයාව මටත් මතක් වුනා ලියද්දීම...
Deleteඅපූරු ලියවිල්ලක් අරූ....මම හොදටම වින්දා මේ අකුරු
ReplyDeleteස්තූතියි සොඳුරු සඳවතී...
Delete