නෙලුඹු වත



සුපිපි වන රත තඹුරු පෙති හුඟ, තදට රත් වී               දිලිසුනා.
නොදුටු නෙලුමක් ඝන කැලෑවේ නෑඹුල්ව              විකසිත වුනා.
අළුම අළු විහඟෙකු පමාවෙන් නෙලුම දුට මත්වී          ගියා.
කඳුලු වැස්සක පුරෝකතනෙන් ලපලු ගඟ කම්පිත         වුනා.

නිසල ගම් දනව් කැලඹී කුණාටුවකට හසු                            වුනා.
සසල වූ රුක් දෙවිවරුද මහ චන්ඩ සුලඟට විසි                වුනා.
විශාලාවක් නුවූවත් මහ භීතියෙන් ඇලලී                             ගියා.
බඹර දුර්ධරව පැසසුම් කරන් නෙළුමට ළං                           වුනා.

නෙළුඹ නොදතත් නොමනුසත් ගති බඹර නිරිඳු       පැහැදුවා.
නෙළුඹ තලලා පෙතිද හැලිලා දුක් කතාවක්                     ලියැවුනා.
හැලුනු පෙතිමත තිබුනු කඳුලැලි දුක්බරිත  හිරියෙන්    හැංගුනා.
සියල් සිදුවූ විසල් දුක්ගඟ නෙළුමෙන්ම ඉතිරි                    වියැකුනා.

බනුර නෙලුමක දිවිය අනුපම තරම් අගනේ                                නියා.
සම්බුදුන් විකසිත වුනේ ඒ සා අමිල දහමම                                නිසා.
ඉදින් නෙළුමම ලත් නිවට දැක තනිව මියැමි                              සිතා.
නෙළුම අකලට මිලින විය, ඒ කැකුලු බව                            පසෙකලා.


10 comments:

  1. Replies
    1. ස්තූතියි මිතිල ..... ජයවේවා !!!

      Delete
  2. හොඳ කවි පන්තියක් අරූ.

    ජයවේවා!!!

    ReplyDelete
  3. ලස්සනයි ඒවගේම අර්ථවත් අරූ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉයන් මාමේ

      Delete
  4. නෙළුම සහ විහඟෙකු දිසි අරත වුවත් මෙහි වැසි අරුතක් ඇති බව මට හැගේ ලස්සන කවිිපෙලක්.

    ReplyDelete
    Replies
    1. අරුත ගැඹුරුය. විහඟෙකු පිලිබඳ මුලින් කීවේ නෙළුම ලස්සනබව කියන්නටය..ඒ නිසා අනුචිත දෙයක් සිදුවන වග කියා තුන් වන කවියේදිය අනුචිත දේ පැවසෙන්නෙ කප්පිත්තෝ. ආයේ ගොඩ වෙන්න ආවට ස්තූතියි ....

      Delete

තනිකමක් තියා නොතියාම  ඔබ ගියා වුව මතක එලියකි. රිද්දා නොරිද්දාම  හද කොනිති ගැසුවට එයද සුවයකි. පෙමක් අහිමිව යන්නේ කෙලෙසක ණයට දීමක්...