ප්‍රේමයේ ස්වභාවික විපත්...




ඉවසන්න බැරිම තැන
කඳු පන්ති දුක අරන් 
පහල මිටියාවත් මතට
ඇද වැටි මියැදේවී..

වැසි වේගයත් සමඟ
දුක් කඳුලු කඩතොලුව
මහ රකුසු මාරුතෙන්
දෙරණතට ගිලිහේවී..

ඔබ ඉන්න තැන හොයන්
යනෙන මඟ ගංවතුර
එන්න බැරිවම මමත්
අතරමඟ නැවතේවී.

නුඹ අවතැන්ව හිඳීවි.
ප්‍රේමයේ සහනාධාරයකුඳු නැතිව
ඔබ කුසගින්නේ හිඳ
හුදෙකලාවම මියැදේවී..

Comments

  1. ලස්සනයි. අරූ අලුත් බ්ලොග් එකක් පටන් ගත්ත කියල දන්නේ නෑනේ.

    ReplyDelete
    Replies
    1. මන් හිතන්නේ උදාර ඔයා වෙන කෙනෙක් කියලා මාව පටලගෙන.. මේ පැත්තට ආවට බොහොම ස්තුතියි...

      Delete
    2. මගේ වැරැද්ද! මම හිතුවේ මේ අරූගේ අඩවියේ අරුණ පෙරේරා කියල :)

      Delete
    3. මං අලුත් කෙනෙක් ^_^

      Delete
  2. කවි ටික නන් මරු... අරූගෙ ගෙවල් පැත්ත යටවෙලාද?

    ReplyDelete
    Replies
    1. අනේ නෑ මිතිල.. ස්තූතියි මං ගැන සොයා බැලුවට.... මිතිලට ප්‍රශ්නයක් නෑ නේද...

      Delete
  3. ලස්සනයි අරූ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමී... ඔබටත් ජය..

      Delete
  4. බ්ලොග් එක වෙනස් කරලා පොඩ්ඩක් අමුතුයි වගේ. හැබැයි මේ සිතිවිලිනම් අපූරුයි

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් වෙනස් කලා.. හැමදාම එකම විදිය හරි නෑනේ..
      ස්තූතියි සොඳුරු සඳවතී අදහසට ...

      Delete

Post a Comment

හුඟක් අය බලපුවා