ඉවසන්න බැරිම තැන
කඳු පන්ති දුක අරන්
පහල මිටියාවත් මතට
ඇද වැටි මියැදේවී..
වැසි වේගයත් සමඟ
දුක් කඳුලු කඩතොලුව
මහ රකුසු මාරුතෙන්
දෙරණතට ගිලිහේවී..
ඔබ ඉන්න තැන හොයන්
යනෙන මඟ ගංවතුර
එන්න බැරිවම මමත්
අතරමඟ නැවතේවී.
නුඹ අවතැන්ව හිඳීවි.
ප්‍රේමයේ සහනාධාරයකුඳු නැතිව
ඔබ කුසගින්නේ හිඳ
හුදෙකලාවම මියැදේවී..
ලස්සනයි. අරූ අලුත් බ්ලොග් එකක් පටන් ගත්ත කියල දන්නේ නෑනේ.
ReplyDeleteමන් හිතන්නේ උදාර ඔයා වෙන කෙනෙක් කියලා මාව පටලගෙන.. මේ පැත්තට ආවට බොහොම ස්තුතියි...
Delete*උදය
Deleteමගේ වැරැද්ද! මම හිතුවේ මේ අරූගේ අඩවියේ අරුණ පෙරේරා කියල :)
Deleteමං අලුත් කෙනෙක් ^_^
Deleteකවි ටික නන් මරු... අරූගෙ ගෙවල් පැත්ත යටවෙලාද?
ReplyDeleteඅනේ නෑ මිතිල.. ස්තූතියි මං ගැන සොයා බැලුවට.... මිතිලට ප්‍රශ්නයක් නෑ නේද...
Deleteලස්සනයි අරූ.
ReplyDeleteජයවේවා!!!
ස්තූතියි දුමී... ඔබටත් ජය..
Deleteබ්ලොග් එක වෙනස් කරලා පොඩ්ඩක් අමුතුයි වගේ. හැබැයි මේ සිතිවිලිනම් අපූරුයි
ReplyDeleteපොඩ්ඩක් වෙනස් කලා.. හැමදාම එකම විදිය හරි නෑනේ..
Deleteස්තූතියි සොඳුරු සඳවතී අදහසට ...
Hi! Someone in my Facebook group shared this site with us
ReplyDeleteso I came to give it a look. I'm definitely loving the information. I'm book-marking and will be tweeting this to my followers!
Wonderful blog and fantastic style and design.
Thank u for ur compliment
Delete