නිදහසෙන් ඔබ්බට
කසාවතට පෙම්බැඳි කාලේ
නොතේරුනා මේ හැඟුමන් අම්මේ...
එපා කිව්වම අම්මත් ඒ කල
හිතුවක්කාරේටමයි මහන වුනේ....
උදේ පාන්දර නැගිටන් හැමදින
මිදුල අමදින්නේ ගුලිකර මතකය
අම්මා වියපුම පොල් අතු වහලය
මිදුලේ අදිනවා කලුවරේම මම
උදේට දානය බුදු ගෙයි තියලා
පිරිවෙන් ඉස්කෝලෙට යනවා
ඉගෙනගන්න එන කොල්ලන් හුඟ දෙන
මං නොදන්න දේ පවසනවා.
ආසයි මට හරි ඒ නිදහසටම
මගේ කොලු හදවත පා වෙනවා..
ආයෙත් අරගෙන හදවත දෑතට
මම හිමිනමකි පවසනවා.
ජය වේවා ..!!!
ReplyDeleteජයවේවා ඔබටත්... ^_^
Deletehttp://dumimda.blogspot.com/2016/06/blog-post_23.html?m=1
ReplyDeleteඋඩ තියෙන්නේ මම කලින් ලිව්ව මේ වගේ කවියක්.
ReplyDeleteනිර්මාණය ලස්සනයි අරූ.
අන්තිම කවියේ අන්තිම පේළියේ "හිමිනමකි" කියනකොට තාලයේ ගැළපීමට බාධාවක් වගේ දැණෙනවා. ඒ වචනය "හිමිනමකිය" කියලා ආවොත් හරි කියලා මට හිතෙනවා. මේක මට දැණුනු නිසයි කිව්වේ.
ජයවේවා!!!
ස්තූතියි දුමී අදහසට.. මං ඒක වෙනස් කරන්නම්... ඒ වගේම ඔබේ නිර්මානයත් කියවලා කොමෙන්ටුවක් එල්ලන්නම්කෝ... ජය!!!
Deleteළමයින් මහන කරගැනීම සදාචාරාත්මකව වැරදි වැඩක් නේද?
ReplyDelete,නොතේරෙන කාලේ මහන වුනාම පස්සේ සිවුර අත් හරින්න පුලුවන් නැත්තම් සිවුරේ ඉඳන්ම හාමුදුරුවරු අනවැසි දේ කරන්න පුලුවන්... ඉතින් පොඩිම කාලේ මහන කරන එක මට දැනෙන්නේ නුසුදුසු දෙයක් විදියට...
Deleteකවි පෙල කියෙවුවා. මුලින් දැනුනේ දුකක්.නමුත් අත් හැරිම පුරුදු කිරිම නිවනට මගක්
ReplyDeleteස්තූතියි කප්පිත්තෝ.. ඔබත් නැංගූරමක් දාලා හොඳ දෙයක් ලියන්න ගන්න
Delete