නොනවතින ජීවිත.




ඉයන්ගේ අඩවියේ ඉයන් මාමාගේ අභියෝගයට ලිව්වේ.... හදිස්සියෙම ලිව්වේ.. ඒ වගේම කතා හතරක් තියනවා. එහෙනම් බලන්නකෝ කියවලා... ^_^


  1. "චමිල අලුතෙන් ආපු බාස්ට සාත්තර කියන්න පුලුවන්. ගිහින් අහගන්න"
" ඕන් නෑ පොඩි සාදු." 
මා අලුත් බාස් ළඟට ගියේ කිහිප සැරයක්ම පොඩි සාදු කර ඇවිටිලි නිසාය. ඒත් චමිලගේ හිතේ කිසිදු විශ්වාසයක් සාස්තර පිළිබඳ නොතිබිනි.
" ළඟදිම ගෙදරින් ඔයාව බලන්න ඒවී"
සාස්තර කරු එසේ කියද්දී අවුරුදු තුනක් මේ ආරණ්‍යයේ විසුවද ගෙදරින් කිසිඳු කෙනෙකු මා බැලීමට නොපැමිණ වග කල්පනා කලෙමි. එහෙයින් මෙසේ සාස්තරකරු ගෙදරින් තමා බැලීමට පැමිණෙන බව කියන වදන මා කිසි සේත් විශ්වාස නොකලේමි.
ඊළඟට කිවේ කිසිදා තමාට මහන වීමට නොහැකි වන බවය.. එයද මා බැහැර කලේ සිනාවෙමිනි.. අවුරුද්දක් පුරා වඩමින් උන් බවුන් තමා පසු පස තියෙද්දිත් මේ කියන සාස්තර කරුගේ වදන කෙලෙස විශ්වාස කරම්දැයි මම සිතුවෙමි.. අනතුරුව සාස්තරකරු කීවෙ තමාට හිරේ විලංගුවේ ලැගීමට සිදුවන බවකි.. එයද මා බැහැර කලේ සිනහා වෙමිනි..
2."නවීන් උඹ ඇයි බන් එන්.අයි.එම්.එච්. ඉල්ලුවේ.."
සදීර තම මිත්‍රයාගෙන් ඇහුවේ මිත්‍රයාගේ මාරුවීම පිලිබඳ දැන ගත් මොහොතේය.
" මට ආසයි බන් සයි කරන්න.. අනික ලේසි එම්ඩී එක උනත් කරන්න."  සදීරට නවීන් කීවේ තමාගේ බඩු පොදිය අස් පස් කරන ගමන්‍ ය. 
"උඹ මට කිව්වෙත් නෑ. මෙච්චර දවසක්."
"මං කිව්වේ නැත්තේ මොකක් හරි කරලා උඹ මාව මෙහේ තියා ගත්තොත් කියලා. මට දැන් වුන්ඩ් බල බල ඉඳලා ඇති වෙලා බන්"  
"උඹට අර පිස්සෝ එක්ක ඉන්නකොට ආස හිතෙයි නේ එහෙනම්"
"එහෙම කියන්න එපා බන්. උනුත් ලෙඩ්ඩුනේ."
"හා හා උඹ ගිහින් උන්ට පිස්සු වැඩි කරපන්"

3. ඒ දීප්තිමත් දිනය කවි පොතක් සමඟින් තමාගේ ජීවිත කතාව සහිත නවකතාව එලි දක්වන දිනයයි. එයට උදව් කල සැවොම පැමිණ තිබේ. නමුත් අම්මා නැත. තමා අනන්තරීය පාප කර්මයක් කල බව ඔහු සැමවිටම සිතුවේය. එය සිහියෙන් නොකලත් තමන්ගේ අතින් එය සිදුවිය. 
වැඩසටහන ආරම්භ වී ඇත. නිවේදකයා මුලින්ම පොල්තෙල් පහන දල්වන්නට ආරධනා කලේය.  අනතුරුව දේශන කිහිපයක් පැවැත්විනි. 
තමාගේ කතාව කරන්නට තිබේ.. අම්මාව මතක් වෙයි. තමාට තියන කතාවට පෙර තමාට මේ සඳහා උදව් උපකාර කල වෛද්‍යවරයා ගේ කතාව ආරම්භ වී ඇත..

4. නමුත් ඊට දින හතරකට පසූ මා බැලීමට අක්කා හා අක්කාගේ මහත්තයා පැමිණියෝය.. අක්කා කියු දේවල් නිසා ඔළුව විකාර විය. අම්මාගේ ප්‍රශ්නත් ඉඩම් ප්‍රශ්නත් නිසා තමා නිවසින් පිට වු බව අක්කාට පැවසුවෙමි. අක්කා පැවසුවේ ආයේ නිවසට එන ලෙසය.නමුත් මට මහන වීමට අවශ්‍ය බව අක්කාට කිවූ විට අක්කා හඬන්න ගත්තාය.
නැවත වතාවක් පරණ යහලුවා ආරන්‍යට කෝල් කර අම්මාගේ වතගොත පවසන්නට විණි. මගේ ඔලුව ගිනි ගන්නට විය. භාවනා කරන්නට නොහැකි විණි. භාවනා කරන සෑම විටම මට අම්මාත් අම්මාගේ ජීවිතයත් මැවි මැවී පෙනෙන්නට විය.  අක්කාද කීවේ ගමේ ඉන්නට නොහැකි තත්වයක් උදා වී ඇති බවය.
මා ඇවිද ගියේ මානසික රෝහලටය. මීට අවුරුදු පහකට පමණ පෙර ප්‍රථම ප්‍රේමය බිඳ වැටීමෙන් පසු ඇති වූ හින්නෝන්මාදය නම් තත්වය නැවත උග්‍ර වී ඇති බව මට දැනෙමින් පැවතිනි.මා සැමටම හොරෙන් පැමිණියේ මානසික රෝහලටය. ගේට්ටුව පෙනි පෙනී තිබෙද්දිම මගේ හිත නැවත කීවේ නිවසට යන ලෙසය.. මා ඉතිරියට පැමිණි බසයට නවතා ගත්තෙමි.
"කොටුවට" 
විසි හයක මුදලක් ගෙන කොන්දස්තරවරයා මට රුපියල් සියයේ ඉතිරි සල්ලි දුනි. මා කොටුවට යන විට හිස ගිනි ගනිමින් තිබුනි... කොටුවෙන් අකුරැස්ස බසයක් අල්ලා ගැනීමට හැකි විය. මං කල්පනා කලේ මින් පසු කුමක් කරන්ම්දැයිය.. 
බසයෙන් බැස චමිල නිවසට යන විට ගමේ මිනිසුන් චමිල දෙස බැලුවේ පුදුම සහගතවය. ගම්මු චමිලගේ කනේ සියලු පුවත් ලුනු ඇඹුල් එක්කට තැබීමට වග බලා ගත්තෝය. චමිලගේ හිසට ඒ සියල්ල මහත් වදයක් විය.

5. සදීර නවීන්ගේ මාරු වීම පිළිබඳ කනස්සල්ලෙන් පසු වූයේ තමාගේ මිත්‍රයා මින් පසු තමා හා එකම රෝහලේ පමණක් නොව තමාගේ බෝඩිමෙන්ද වෙන් ව යන නිසාය. කවදාවත් නැති තරමට සදීරට දුක දැනෙමින් තිබුනි.
නමුත් නවීන්ව නවතා ගත නොහැකි බව සදීර දැන සිටියේය. එමෙන්ම හංසිගේ වෙනස්වීමෙන් පසුව නවීන්ට ඩිප්‍රෙෂන් වැලඳුන නිසාත් ඒ සියලු හේතු මේ මාරු වීමට හේතු වූ බව සදීර දැන සිටියේය. 
"මං දන්නවා උඹට හංසිව බල බල ඉන්න බැරි නිසානේ මේ ඔක්කොම. ඊටත් ඒකිගේ මිනිහට සර් කියන්න බැරි කමත් උඹට තියනවනේ." සදීර කීවේ නිකමටය. නමුත් එයින් නවීන්ගේ මුහුණ වෙනස් විය. මතක ගඟ ඉවුරු කැඩුවා මෙන් ගලා එන්නට විය. 
තමා හංසි සමඟ කොළඹ වෛද්‍ය පීඨයේ ඉගෙන ගත් ජීවිතය මතක් විය. එකම කණ්ඩායමේ හිඳිමින් සියලුම විභාග වලට තමන් සමඟ එකට හිඳිමින් පාඩම් කල හංසි එකෙනෙහිම වෙනස් වන්නහේතු වූ කාරනා තමාට සිතා ගත නොහැකි වූ නමුත් පසුව කනින් කොනින් පැතිරී ගිය පුවත සනාථ කරමින් ඇය අවසන් විභාගයට පෙරම හෘද රෝගී ඒකකය භාරව සිටි සීනියර් රෙජිස්ට්‍රාර් කෙනෙක් හා විවාහ ගිවිස ගෙන තිබුනි. ඒ සිදු වීමෙන් පසු ඔහුට ඩිප්‍රෙෂන් තත්වය ඇති විය. එය සුව කර ගැනීමට ඔහුට බෙහෙත් සමඟ උපදේශනයට යොමුවිය.  ඒ සියල්ල තමාට අමතක නොවේ. තමා මෙන් සියලුම මිනිස්සුන්ට මානසික රෝග සෑදීමට හැකියාවක් ඇති බව හැම වෛද්‍යවරයෙක්ම දැන සිටියත්, ඔවුන්ගේ සැබෑ මානසිකත්වය තේරුම් ගැනීමට හැකි වන්නේ තමා මෙන් මානසික රෝගයක් වැලඳුනු අයෙක් පමණි. එම නිසාම නවීන් සයිකැට්‍රි කිරීමට සිතුවේය.

6.කරුණාවතී ඒ වන විට හුන්නේ සිරිපාල සමඟ පවුල් කමිනි. තමාගේ වෛවාහික ස්වාමියා මියයාමෙන් අනතුරුව සිරිපාල සමඟ පවුල් කෑම දරුවන් පිලිගත්තද නොගත්තද තමාගේ  දෛවය බව ඇය විශ්වාස කලාය. ගම්මු කුමක් කීවද තමාට ඒවා අදාල නැති බව කරුණාවති සිතට තදින්ම කියමින් සිරිපාල සමඟ උන්නාය. සිරිපාල ගම වටේ කියන කතා පිලිබඳ තඹ දොයිතුවක් නොදන්නා කරුණාවති සිරිපාලව සැමවිටම විශ්වාස කලාය. තමාගේ පුතාද තමාහැර ගියේ මේ ප්‍රශ්නය නිස බව ඇය මෙනෙහි කලාය. ඈතින් නිවස දෙසට එන රුවක් පෙනේ. ඒ කවුරුදැයි හඳුනා ගැනීමට නොහැකි වුවත් ඔහු කවුරුදැයි හඳුනා ගැනීමට කරුණාවති වෙර දැරුවාය.
7.තමා යන්නේ මව පිලිබඳ මහ ක්‍රෝධි සිත් ඇතිවය. මව ඔහුගේ අනියම් පිරිමියා සමඟ සිටිනු මැවි මැවී පෙනීම නතර කර නොහැකි විය.. කවදාවත් නොදැනෙන තරමට තමා වෙවුලමින් සිටුනු දැනෙන්නට විය. නිවසට අසල ළං වෙත්ම මව නිවස ඉදිරියේ සිටියාය.

8.නවීන් මානසික රෝහලේ පත්වීම ලබා ඉල්ලුවේ අධිකරණ වෛද්‍ය වාට්ටුවය.. එහි වෛද්‍යවරයෙක්ගේ අඩුපාඩු තිබු නිසා තමාට එහි වැඩ බාර ගැනීමට හැකි විනි. මහා විශාල වාට්ටුවක් වුවත් එම වාට්ටුව හිර කූඩුවක් සේය. එයට යන්නට ලොක් කරන ලද දොරවල් හතරක්ම පසු කල යුතුය. එය තමා වෛද්‍ය ශිෂ්‍යයකු ලෙස  වෛද්‍ය පුහුනුවට පැමිණියාට පසු එහි පළමු පැමිණි අවස්ථාව විය. තමා හංසී සමඟ ගෙවූ මොහොතවල් නවීන්ට මතක් විය.. ඒවා අමතක කිරීමට නොහැකි නමුත් අමතක කල යුතු මතක විය.

9." චමිල මගේ වාට්ටුවේ ඉන්න කීකරුම රෝගියෙක්. දැන් ඔහුගේ තත්වය මුලුමනින්ම පාහේ සුව වෙලා තියනවා. නමුත් මෙවැනි සුව වූ පුද්ගලයින් කොපමණ අධිකරණ වෛද්‍ය වාට්ටුවේ හිටියත් දැනට ඇති නීති එක්ක මොවුන් සමාජයට ඇතුල් කිරීම ප්‍රශ්නයක් වෙලා. නමුත් ඔවුන්ගේ දක්ෂතාවන් මෙහෙම ඉදිරිපත් කිරීමට මට උදව් කිරීමට හැකි වීම මගේ වෘත්තීය ජීවිතයේ මං ලද ලොකුම භාග්‍යයි. කවදාවත් නොදැකපු රෝගියෙක් මගේ ළඟම යාලුවෙක් තරමට සමීප වෙලා. මං මානසික රෝහලේ පත්වීම අරන් ගිහිපු දවසේ මුලින්ම ලැබුනේ අධිකරණ වාට්ටුව. එදා මේ පොතේ අයිතිකරු මට පොත දීලා කියවන්න කිව්වම මං මගේ හොස්ටල් එකට ගිහින් කලේ ඒක කියවපු එක.ඇඳුම්වත් ගලවන් නැතුව. ඔහුගේ කතාව මාව හුඟක් සංවේදී කලා.. ලංකාවේ තියන මානසික රෝගී සාක්ෂරතාව ඉතාම පහලයි. මෙවැනි පොතක් සමාජ ගත කිරීමෙන් එම සාක්ෂරතාව දියුනු වෙන්න හුඟක් පිටිවහලක් වෙයි කියලා මං විශ්වාස කරනවා.. ඒ වගේම මේ කවි පොතත් ඉතාම සංවේදීව ජීවිතයේ නොදැකපු පැත්ත ගැන කතා කරලා තියනවා.. මං සුභ පතනවා චමිල කරුණාරත්න මහතාට මෙවැනි දෙයක් කිරීම පිලිබඳව."

10." මගේ  මල්ලි චමිල. ඔහු හිටියේ අපෙන් දුරස් වෙලා අවුරුදු තුනක්ම. මං සති දෙකකට කලින් මල්ලි හිටිය ආරන්‍යට ගිහින් මගේ මහත්තයා එක්ක මල්ලිට ගෙදර යන්න කතා කලා. මල්ලි ඒ වෙලේ කිව්වේ මහන වෙන්න ඕන කියලා. ඊට දින හයකට විතර පස්සේ මල්ලි ගෙදර ආවා. අපි ඉන්නේ වෙනම ගෙදරක මහ ඉඩමේ තියන. අම්මා ඉන්නේ මහ ගෙදර. අම්මා සිරිපාල කියන මනුස්සයෙක් එක්ක සම්බන්ධ කමක් තිබ්බ නිසා මල්ලි ඒකට තරහින් හිටියේ.. ඊට කලින් අවුරුදු පහකට විතර ඉස්සේල්ලා මල්ලි ගැනු ළමයෙක් එක්ක සම්බන්ධකමක් තිබිලා ඒක නතර වුනාට පස්සේ කරාපිටි ගිහින් ඒකට බෙහෙත් ගත්තා. ඒක සම්පුර්ණයෙන් සුව උනා ඊට පස්සේ. බෙහෙත් බොන්න නැති තරමටම. ඉන් පස්සේ අවුරුදු දෙකකට විතර පස්සේ අම්මගේ ජීවිතය නිසා කලකිරිලා මල්ලි ගෙදරින් තරහා වෙලා ගියා. මම අම්මට මුකුත් කියන්න ගියේ නෑ. ඒත් ඒකට මල්ලි හිටියේ තරහින්. මල්ලි උනත් අහිංසක නිසා අම්මට කිසි දෙයක් කිව්වේ නැහැ. මල්ලි ආරණ්‍යයට ගියාට පස්සේ මල්ලිගේ යාලුවෙක් ආරණ්‍යයේ නම්බර් එක හොයාගෙන මල්ලිට කෝල් කර කර අම්මගේ විස්තර වැඩිපුරත් එක්ක මල්ලිට කියලා. මල්ලිට කරදරයක් තරමට ඒ යාලුවා කෝල් දීලා කියවලා. අපි ගිහිපු වෙලේ මල්ලි ඒ බව කිව්වා."
" එදා සිදුවූ සිදුවීම කියන්න" නීතිඥයා අණ කර සිටියේ චමිලගේ අක්කාටය.

11.වැඩ භාර ගැනීමෙන් පසු එකින් එක ලෙඩ්ඩු පරීක්ෂා කල නවීන් දෛනික සටහන් තැබුවේය. 
එහි උන් සමහරක් මානසික රෝගීන් නොවේ. ඔවුන් බණ්ධනාගාරයෙන් රැගෙන ආ සැකකරුවන්‍ ය. උසාවි නියෝගයකට මානසික රෝගයක් ඇත් දැයි උසාවියට වාර්තාවක් ලබා දීමට මානසික රෝහලෙන් සති කිහිපයක් හිඳ පරීක්ෂා කර ගත යුතුය.. එනම් ඔවුන් යම් අපරාධයක් සිදු කර ඇත. එනම් ඒ අපරාධය සිදු කලේ මානසික රෝගී වීම නිසාද,නැති නම් කිසිඳු මානසික රෝගී තත්වයක් නොමැතිව සිහි බුද්ධියෙන්ද යන්න සොයා බැලීම මානසික රෝහලේ අධිකරණ වාට්ටුවේ කාර්‍යභාරයයි. සමහරු මුලු ජීවිතකාලයම අධිකරණ වෛද්‍ය වාට්ටුවේ ජීවත් විය යුතුවිය. එනම් මානසික රෝගී වීමෙන් අනතුරුව ඔවුන් මිනීමැරුමක් හෝ කිහිපයක් කර ඇත. එවිට ඔවුන් අහිංසක නමුත් සමාජයට යැවීමට සුදුසු නොවේ මානසිකව රෝගීවූ විට සමාජයේදී නැවත  මිනීමැරුමක් කල හැක. 
එක් රෝගියෙක් පැමිණියේ පොතක් අතැතිවය. සිය කතාව තමාට කියන්න බැරි බවත් සියල්ල මේ පොතෙහි අන්තර්ගත බවත් ඔහු කීවේය.  ගෙදර ගිහින් දොස්තර මහත්තයා කියවලා මට ගෙනත් දෙන්නකෝ"
එලෙස කීව ඔහු නැගිට ගියේය.  නවීන් හෙදියකගෙන් ඔහු පිලිබඳ සියල්ල කෙටියෙන් දැන ගත්තේය. නේවාසිකගාරයට ගොස් එම පොත කියවන්නට සිතා ගත්තේය.

12. "ඊට දින හයකට පස්සේ ආපු වෙලාවේ මල්ලි ආපු බව දැනගෙන මාත් ගියා මහ ගෙදරට මං යනකොට අම්ම කෑගහනවා.මං අම්මා කෑ ගහන සද්දෙට ගෙදරට දිව්වා. අම්මා කියාගෙන. අම්මා කිව්වා එන්න එපා දුවේ පුතා මන්නේ තියාගෙන ඉන්නේ කියලා. මාව මරන්න හදනවා කියලා හයියෙන් කෑ ගහලා. මං එලියට දිව්වා ඉන් පස්සේ. අම්මා මරලතෝනී දීලා කෑගගහා හිටියා විනාඩි පහක් විතර. ඉන් පස්සේ සද්දේ අඩු වෙලා ගියා. ඊට මිනිත්තු කීපයකට පස්සේ මල්ලි ආවා එලියට. මන්නේත් අතෙ තිබ්බා. මන්නේ ලේ තිබ්බා. මල්ලිගේ ඇඳුමෙ ඉඳන් ලේ. මං මැරුවේ නෑ අම්මව කියාගෙන ආවේ මල්ලි එලියට. ඇවිත් මන්නේ බිම දාලා ඇඬුවා. ගමේ මිනිස්සු ගිහින් මල්ලිව අල්ලා බැඳ ගත්තා ලනු වලින්. ඉන් පස්සේ අපි ඇතුලට යද්දි මල්ලි අම්මගේ බෙල්ලටයි බඩටයි මන්නේන් ගහලා කුස්සියෙදි අම්මව මරලා තිබ්බා. ඉන් පස්සේ පොලීසියෙන් ආවා. මල්ලිට මාව අඳුන ගන්න බැරි තරමට සිහිය තිබ්බේ නෑ. දැනටත් මල්ලි මාව අඳුන ගන්නේත් නෑ. මං අහිංසකයි කියලා අඬනවා ඇරෙන්න කිසි දෙයක් කරන් නෑ."

13. " මිනීමැරුමක් ලෙස මෙය උසාවිය භාර ගන්න අතර චමිල කරුණාරත්න මානසික රෝහලට යවන්න නියෝග කරනවා."
විනිශ්චකරු නියෝග කලේ එලෙසය..
මීට වසර දෙකකට පෙර සිදු වූ සිදුවීමෙන් අනතුරුව චමිල මානසික රෝහලේ අධිකරණ වාට්ටුව වෙත යොමු කල අතර චමිල කරුණාරත්න සම්පුර්ණයෙන් සුව වූයේ සිදුවීම සිදු වී වසරයි මාස හතරකට පමණ පසුවය.

14. නවීන් දොස්තර මහතා සිය කතාව අවසාන කිරීමෙන් අනතුරුව ඇත්තේ තමාට කතා කිරීමටය. 
" හැමෝටම මුලින්ම ස්තූති කරන්න ඕනා මේ අවස්ථාවට සහාභාගි වීම පිලිබඳව.. ඒ වගේම නවීන් දොස්තර මහතාටත් හුඟක් ස්තූතියි මේ දේට මාව යොමු කරවලා නැවත නැවතත් මගේ කතාව කියවලා අඩුපාඩු පෙන්නලා දුන්න එකට. ඒක කතාව මං කිහිප විටක්ම අලුතෙන් ලිව්වා. ඒ කතාව මේ විදියට ඔබ අතට පත් වෙන්නේ නවීන් දොස්තර මහත්තයට පිං සිද්ධ වෙන්න.. ඒ වගේම මං අන්තිමට කියන්නම් ගීතයක්. ඒක ගායනා කරන්නේ ගායක සුනිල් එදිරිසිංහ මහතා.

දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කල
ලොවක පිදුම් ලද ලොවට උතුම් ලඳ
අම්මා.... අම්මා..... අම්මා...."


ස්තූතියි...

Comments

  1. Replies
    1. කියවලා තේරුම් ගත්තා නම් ස්තූතියි... අනික මේක කියෙව්වා නම් ප්‍රශ්න අහන්න තිබ්බා.. මං ලිව්වේ ඇත්ත කතාවක් එක්ක... කට්ටියට තේරිලා නැද්ද කොහෙද අප්ෆා..

      Delete
  2. මෙන්න තවත් මැල්ලුමක්. අගෙයි

    ජයවේවා!!!

    ReplyDelete
  3. Replies
    1. පට්ට නම් නෑ .. බොරු කියනෝ

      Delete
  4. නිර්මාණශීලී මැල්ලුමක් ,නියමයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බක්කරේ

      Delete
  5. ඉලක්කම් දැම්මම කෙටි කතාවකට බාධාවක් නේ අරු. කතාව හොදයි. ඒත් මීට වඩා හොදට අරුට ලියනවා මන් දැකලා තියෙනවා (අරුශිට දැන් බොරුවට හොදයි හොදයි කියන්නත් බෑනෙ මොනවා රිප්ලයි කරයිද දන්නෙ නෑනෙ :-D )

    ReplyDelete
    Replies
    1. ඉතින් මං අනික් අය වගේ හොඳ නැත්තම් හිත හදන්න හොඳයි කියන් නෑ...මේක එච්චර සාර්ථක නෑ.. මොකද මං ඔයාගේ කතාවේ කමෙන්ට් කලා වගේ මැල්ලුම එතකොට අමාරුයි තේරුම් ගන්න... තමන්ගේ එක ලේසි‍යි තමන් දන්න නිසා..අනුන්ගේ ඒවා අමාරුයි ඇත්තටම මට... මං ලියන ක්‍රමයෙන් වෙනස් මේක. හදිස්සියේ ටයිප් කලේ...

      Delete
  6. අරූ ,කමෙන්ට් නොකලට ඔබගෙ කතා එකක් නෑර මං කියවලා තියෙනවා . සමහර කතා දෙතුන් සැරයක්ම...... හදිසියකින් ලිව්ව බව තේරුණා. සමහර විට වෙනස් ආරක් නිසා වෙන්න ඇති.... ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. ඔව් සඳවතිය... හදිස්සියේ ලිව්වේ... මං ලියන කතා වෙනම විදියක නිසා ටිකක් අමාරු උනා.. මගේ කතා කියවපු එකට නම් ස්තූතියි...

      Delete
  7. ලස්සනයි අරූ. බොහොම ස්තූතියි ආරාධනාව භාර ගත්තට

    ReplyDelete
    Replies
    1. මගේ අනික් කතා තරම් මට සතුටු නැහැ මේ කතාව.. මන් ඊළඟ සැරේ මීට වඩා හොඳ කතාවක් ලියන්නම්...

      Delete
  8. මේ ඉලක්කම් දැමිල්ල කෙටි කතාවකට සුදුසු නෑ කියලා මට හිතෙනව අරූ...මට මේක කියවනකොට මීට ටික කාලෙකට කලින් අර අම්මව මරල හිරේ ගිය පුතාගෙ කතාව මතක් උනා.

    ReplyDelete
    Replies
    1. මං මේ දවස් වල කියවන්නේ මංජුල වෙඩිවර්ධනගේ දුස්ටකමේ සවුන්දර්‍ය සහ රත්මලානේ තවත් කතා... ඒකෙත් අංක දාලා තියනවා.. මට හිතුනා ඒක කියවද්දි මෙහෙම අංක දාලා කතාවක් ලියන්න ඒකයි මං එහෙම ලිව්වේ.. හොයාගන්නත් ලේසි වෙන්න වගේ... ගැලපෙන් නෑ කියන දේ රෝමත් කිව්වා.. ඒත් මට ඒ ගැන ඒ තරම් නොගැලපීමක් තවම තේරෙන් නෑ.. වෙනස් .. සාමාන්‍යයෙන් යොදන් නෑ.. ඒත් .... ?

      Delete
    2. මේ කතාව ඇත්ත කතාවක් සඳවතී... පුතා අම්මව මරන්නේ සිහියෙන් නෙවේ schizophrenia හැදිලා.. සිංහලෙන් කියන්නේ ඒකට භින්නෝන්මාදය කියලා.. මාස ගානකට පස්සේ පුතාට සිහිය එන්නේ..

      Delete
  9. පැටලිලි සහගතයි කියලා හිතෙනවා අරු...
    ඒත් ඔබට සුභ පැතුම්...

    ReplyDelete
    Replies
    1. ප්‍රබුද්ධ ඒවා එහෙමලූ

      Delete
  10. දිනපු එක කියවනං ආවේ. අගේ ඇති මැල්ලුම.

    ReplyDelete

Post a Comment

Popular Posts