ප්‍රේමණීය මතක වස්තු...
ඔය බළල් ඇස් මත
මං නිසලව හිඳගෙන
ලිව්ව කවි පේලි මත
නුඹ සෙව්වේ නමක් නැති වදන...
ඇක්සෝ චොකලට් සුවඳ
දැනුදු පුරුදුයි නැහැයට
අමතක කලත් ඒ සුළිසුළඟ
බසයක හිටියත් සොයාන එන්නේ මාවම..
නුඹ එක්ක යමි අතීතෙට
අත් අල්ලන් කඳුලු කැබැලිති විසි කරපු
මඟ දෙපස හුල්ලන නටඹුන් තියෙන
මා බියෙන් පා තබන්නෙද සීරුවට
හදිස්සියේ ඇහැරුනොත් නටඹුන්
රිද්දන තරම් නොදැන නුඹ
පුදුමයි මේ තරම් සුරක්ෂිත කෙරුවේ
අපේ ජීවිත මතක .
ඉඳින් නුඹෙ කඳුළු කැට
ReplyDeleteපෙමින් තව අල්ලාන
සිතින් උහුලන ගින්න
මතින් නැගිටිනු මිතුර!!!
හා හා... ඔබේ කවිය නම් අගෙයි.. මං විරහවකින් පෙලෙන් නෑ හොඳේ... හී හී...
Deleteලස්සනට ලියලා තියෙනවා ...
ReplyDeleteතුති ඔබට...
Deleteනටඹුන් සමතලාකර
ReplyDeleteපොඩි කෑලි වලට කුඩුකර
අතැ'ඟිලි අතර මිටිකර
මිරිකා වෙන් කරනෙම්ද - ආදර.....
එහෙම පුලුවන් නම්..... ස්තූතියි ලිඛිතා..
Delete